58 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා.
“බැබිලෝනියේ පවුර කොච්චර පළල් වුණත් ඒක සම්පූර්ණයෙන්ම කඩලා දානවා.+
ඇගේ දොරටු කොච්චර උසට තිබුණත් ඒවාට ගිනි තියනවා.
මිනිස්සු නිකරුණේ වෙහෙසෙනවා.
ජාතීන් කොච්චර වෙහෙසුණත් ඔවුන්ගේ වෙහෙස ගින්නෙන් පිච්චිලා යනවා.”+