12 ඔබ එන්නේ ගොඩක් දේවල් කොල්ල කන්න හිතාගෙන. ඔබ එන්නේ පාළුවට ගිහින් තිබුණත් ආයේ මිනිස්සුන්ගෙන් පිරුණු තැන්වලටයි,+ ජාතීන් අතරින් ආපහු එකට එකතු කරපු සෙනඟටයි+ පහර දෙන්න හිතාගෙන. ඒ සෙනඟ බඩු මුට්ටු සහ ධන සම්පත් රැස් කරගන්නවා.+ ඔවුන් ජීවත් වෙන්නේ පොළොව මැද.