20 මොකද යොහන්ට අනතුරක් කරන්න හෙරොද් කාටවත් ඉඩ දුන්නේ නැහැ. යොහන් දෙවියන්ට ළැදි, නිර්දෝෂ කෙනෙක්+ නිසා හෙරොද් එයාට බය වුණා. ඒ වගේම යොහන් කියපු දේවල් අහගෙන ඉන්නත් හෙරොද් කැමති වුණා. ඉතින් යොහන් කියන දේවල් අහගෙන ඉද්දී එයාට දෙන්න ඕනෙ මොන වගේ තීන්දුවක්ද කියලා හෙරොද්ට හිතාගන්න බැරි වුණා.