19 ඉන්පසුව දේශයේ ජනතාවට මෙසේ පවසන්න. ‘ඊශ්‍රායෙල් භූමියේ වෙසෙන+ යෙරුසලමේ වැසියන් ගැන විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔවුහු මහත් කනස්සල්ලකින් යුතුව ආහාර අනුභව කරන්නෝය. ඔවුහු භයෙන්ද වෙවුලමින්ද ජලය පානය කරන්නෝය. දේශයේ සියලු වැසියන් කළ සැහැසිකකම් නිසා+ එය සම්පූර්ණයෙන්ම පාළුවට යන්නේය.+