පාදසටහන
a ආචාර්ය ඩෙනීස් එම්. හාමනිං නම් තැනැත්තිය සම්පාදනය කළ පෙළ පොතක (Modern Blood Banking and Transfusion Practices) සඳහන් වන ආකාරයට “රුධිර ප්‍රවේශනයක් නිසා හෝ ගර්භිණීභාවය නිසා හෝ අවයව බද්ධ කිරීම නිසා හෝ සංවේදීතාවක් පෙන්වන රෝගියෙකුගේ රතු රුධිරාණු සෛල විනාශ වීමක්” සිදු විය හැකියි. එවන් අවස්ථාවලදී, රුධිරය ශරීරගත කිරීමේදී රෝගියෙකුට අහිතකර බලපෑමක් ඇති කරවන ප්‍රතිදේහ “ශරීරගත කරන රුධිරය පරීක්ෂා කිරීම සඳහා යොදාගන්න සාමාන්‍ය ක්‍රම මගින් හඳුනාගත නොහැකිය.” තවත් ප්‍රකාශනයක (Dailey’s Notes on Blood) සඳහන් වන ආකාරයට “නොගැළපෙන රුධිරය ටිකක් හෝ ශරීරගත කළ අවස්ථාවකදී පවා රතු රුධිරාණු සෛල විනාශ වී යා හැකියි. වකුගඩු ක්‍රියා විරහිත වූ පසු රුධිරයේ තිබෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට වකුගඩුවලට නොහැකි වීම නිසා රෝගියාගේ රුධිරය ටිකෙන් ටික විෂ වේ.”