පාදසටහන
a අන්තර්ජාලය කොහොමටවත් හොඳ දෙයක් නොවෙයි කියා නොපවසා තම දරුවන් පිවිසෙන්නේ කුමන වෙබ් අඩවිවලටද කියා සොයා බලන්න. එවිට “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම සඳහා වටහාගැනීමේ හැකියාව ඇති” කරගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න ඔබට හැකි වෙයි. (හෙබ්‍රෙව් 5:14) දෙමාපියන් දෙන මෙවන් උපකාර වැඩිහිටි වියට පා තබන දරුවාට අත් වැලක් වේවි.