පාදසටහන
b වර්ණ හඳුනාගැනීමට බොහෝ සතුන්ට හැකියාව තිබුණත් එය මිනිසුන්ගේ පෙනීමේ හැකියාවට වඩා වෙනස්. උදාහරණයකට, බල්ලෙකුට දෘෂ්ටි සෛල දෙකක් තිබෙන අතර ඉන් එකකට නිල් වර්ණයත් අනිකට රතු හා කොළ වර්ණය අතර පැහැයනුත් හඳුනාගැනීමට හැකියි. සමහර කුරුල්ලන්ට මෙම කේතු හැඩයේ දෘෂ්ටි සෛල වර්ග හතරක් තිබෙනවා. එමනිසා මිනිසුන්ට දැකිය නොහැකි පාරජම්බුල කිරණ පවා දැකීමට උන්ට හැකියි.