පාදසටහන
b වර්ෂ 1995දී, මෙතෙක් නිරීක්ෂණය කර ඇති දුරින්ම පිහිටි තරුව (SN 1995K), එහි මන්දාකිණිය තුළ පිපිරූ විට දකින්න ලැබූ පුදුමාකාර විපර්යාසය විද්‍යාඥයන්ගේ සැලකිල්ලට යොමු වුණා. ආසන්නව පිහිටි මන්දාකිණිවල සුපර්නෝවාවලට සමානව, මෙම තරුව අතිශයින් දීප්තිමත් වී, සෙමෙන් සෙමෙන් නොපෙනී ගියා. එනමුත් එසේ සිදු වූයේ කලින් දුටුවාටත් වඩා දිගු කාලපරිච්ඡේදයක් පුරායි. නියූ සයන්ටිස්ට් සඟරාව මෙය ප්‍රස්තාරයක දක්වා මෙලෙස පැහැදිලි කළා: “ආලෝක වක්‍රයේ හැඩය . . . ගෙවී ඇති කාලයට අනුව ඇදී ඇත. එනම් එම මන්දාකිණිය ආලෝකයේ වේගයෙන් අඩකට වඩා අඩු වේගයකින් අප කෙරෙන් ඈත් වෙමින් පවතින විට, නිශ්චිතවම අපේක්ෂා කළ හැකි මට්ටමට අනුව එය ඇදී ඇත.” නිගමනය? මෙය තමයි “විශ්වය ඇත්තටම ප්‍රසාරණය වෙමින් පවතින බවට දැනට ලැබී ඇති හොඳම සාක්ෂිය.”