පාදසටහන
c “වසංගතය” යන්නට භාවිතා කරන හෙබ්‍රෙව් වචනය ලාදුරු රෝගය විස්තර කිරීම සඳහාද යොදාගැනේ. (2 රාජාවලිය 15:5) මෙසියස් ලාදුරු රෝගියෙකු විය හැකියැයි දැක්වීමට ඇතැම් යුදෙව්වන් යෙසායා 53:4 යොදාගත්තායයි සමහර විශාරදයෝ පවසති. බබිලෝනීය තල්මුඩය මේ පදය මෙසියස්ට අදාළ කරමින් ඔහුව “ලාදුරු රෝගයෙන් පෙළුණු විශාරදයා” ලෙස හඳුන්වයි. කතෝලික ඩුඒ වර්ෂන්හි මෙම පදය, ලතින් වල්ගේට්හි අදහස දක්වමින් මෙසේ කියයි. “අප සිතුවේ ඔහු ලාදුරු රෝගියෙකු කියාය.”