පාදසටහන
b නිදසුනක් වශයෙන්, දෙවිගේ මුහුණ, ඇස්, කන්, නාසය, මුඛය, අත් සහ පාද ගැන බයිබලය කතා කරනවා. (ගීතාවලිය 18:15; 27:8; 44:3; යෙසායා 60:13; මතෙව් 4:4; 1 පේතෘස් 3:12) අප එම සංකේතාත්මක යෙදුම් පදගතාර්ථයෙන්ම නොගත යුතුයි. මන්ද, යෙහෝවා “පර්වතය” හෝ “පලිහක්” යන යෙදුම්වලින් තමාව විස්තර කරන විට එයද පදගතාර්ථයෙන්ම සැලකීමට නොහැකි වන්නාක් මෙනි.—ද්විතීය කථාව 32:4; ගීතාවලිය 84:11.