පාදසටහන
b සාමාන්‍යයෙන් දෙවියන්ගේ බලයෙන් ලැබෙන තෑගි කෙනෙක්ට දුන්නේ නියෝජිතයන් මාර්ගයෙනුයි. නමුත් පේන විදිහට මේ අවස්ථාවේදී ඒ තෑගි සාවුල්ට දෙන්න යේසුස් අනනියස්ව පාවිච්චි කළා. සාවුල් ක්‍රිස්තියානියෙක් වෙලා යම් කාලයක් ගත වන තුරු ඔහුට යේසුස්ගේ නියෝජිතයන් 12දෙනාව හමු වුණේ නැහැ. නමුත් ඒ කාලයේදී ඔහු උද්‍යෝගයෙන් යේසුස් ගැන සාක්ෂි දැරුවා කියලා හිතන්න පුළුවන්. ශුභාරංචිය දේශනා කරන්න අවශ්‍ය බලය සාවුල්ට ලබා දෙන්න යේසුස් අනනියස්ව පාවිච්චි කළේ හොඳ හේතුවක් ඇතුවයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.