පාදසටහන
b චර්මච්ඡේදනය වෙන චාරිත්‍රය දෙවියන් හා ආබ්‍රහම් අතර ඇති කරගත්ත ගිවිසුමක්. නමුත් ඒ ගිවිසුම, ආබ්‍රහම්ගේ පෙළපතින් සියලු ජාතීන්ට ආශීර්වාද ලැබෙනවා කියලා දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත විශේෂ ගිවිසුම නෙවෙයි. ඒ විශේෂ ගිවිසුම අදටත් වලංගුයි. ඒක ඇති කරගත්තේ ක්‍රි.පූ. 1943 ආබ්‍රහම් (ආබ්‍රම්) යුප්‍රටීස් ගඟින් එගොඩ වෙලා කානාන් දේශයට පිටත් වුණ අවස්ථාවෙයි. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 75යි. නමුත් චර්මච්ඡේදනය වෙන චාරිත්‍රය හඳුන්වා දුන්නේ ක්‍රි.පූ. 1919දියි. ඒ වෙද්දී ආබ්‍රහම්ට වයස අවුරුදු 99යි.—උත්. 12:1-8; 17:1, 9-14; ගලා. 3:17.