පාදසටහන
e විකෘති පිළිබඳව කළ පර්යේෂණවලින් පැහැදිලිවම පෙනී ගියේ අලුත් විකෘති බිහි වීම ක්‍රමානුකූලව අඩු වෙවී ගිය බවයි. බිහි කළ එම විකෘති පවා කලින් තිබුණු ඒවාට සමාන වුණා. වැඩිදුර පර්යේෂණ සඳහා යොදාගත හැකි වුණේ ශාක විකෘතිවලින් සියයට 1ටත් වඩා අඩුවෙන්. වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි වුණේ එයිනුත් සියයට 1ටත් වඩා අඩු ප්‍රමාණයක්. අවසානයේදී අලුතෙන් කිසිම විශේෂයක් බිහි කරන්න හැකි වුණේ නැහැ. සතුන් පිළිබඳව කළ පර්යේෂණ ඊටත් වඩා අසාර්ථක වූ නිසා සියලු පර්යේෂණ නවතා දැමුවා.