පාදසටහන
b මේ කාසි දෙකම ලෙප්ටන් කාසි වූ අතර, එය එවකට පරිහරණයේ පැවති කුඩාම යුදෙව් කාසිය විය. දවසක පඩියෙන් 1/64කට ලෙප්ටා දෙකක් සමානය. මතෙව් 10:29ට අනුව, පුද්ගලයෙකුට අසේරියන් කාසියකින් (ලෙප්ටා අටකට සමානයි) ගේ කුරුල්ලන් එනම්, දිළිඳු මිනිසුන් ආහාරය සඳහා ගත් ලාභම කුරුල්ලන් අතර වූ උන් දෙදෙනෙකු මිල දී ගත හැකි විය. මෙලෙස මෙම වැන්දඹුව ඇත්තවශයෙන්ම දිළිඳු වූ අතර, ඇය සතුව තිබුණේ තනි වේලකටත් යාන්තමින් සෑහෙන, එක ගේ කුරුල්ලෙක් ගන්න අවශ්‍ය මිලෙනුත් අඩක් පමණයි.