පාදසටහන
a පාවුල් ‘නියම කළත්,’ දිය යුතුමයි කියා හිතුවක්කාර ලෙස බලෙන් ඉල්ලීමක් ඉන් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට පාවුල් කළේ සභා කීපයකින් දීමට තිබුණු සම්මාදම පිළිබඳව අධීක්ෂණය කිරීම පමණයි. ඊට අමතරව, හැම කෙනාටම ‘තම තමාගේ කාරණා සඵල වන ප්‍රකාරයට තම තමාගේ ගෘහයෙහි රැස් කොට තිබෙන යමක්’ දෙන්න කියා පාවුල් පැවසුවා. වෙනත් විදිහකට පවසනවා නම්, සෑම සම්මාදමක්ම පෞද්ගලික හා ස්වේච්ඡා ක්‍රමයකට දිය යුතුව තිබුණා. කිසිවෙකුට බලාත්කාරකමක් පෑවේ නැහැ.