පාදසටහන
a “[යේසුස් සහ ඵරිසිවරුන් අතර] තිබූ මූලික වෙනස පැහැදිලි වන්නේ මේ එකිනෙකාට දෙවි පිළිබඳව තිබූ ප්‍රතිවිරුද්ධ අවබෝධය දෙස බලන විටය. ඵරිසිවරුන්ට නම් දෙවි මූලිකව ආඥා දායකයෙකි. එහෙත් යේසුස්ට දෙවි යනු කරුණාභරිත දයානුකම්පිත කෙනෙකි. ඵරිසිවරයෙකු දෙවිගේ යහපත්කම සහ ප්‍රේමය සහමුලින්ම ප්‍රතික්ෂේප කළායයි මෙයින් අදහස් නොකෙරේ. දෙවිගේ යහපත්කම සහ ප්‍රේමය දෙවිගේ තිළිණයක් වූ ටෝරාහි [ව්‍යවස්ථාවේ] ලියැවී තිබෙන බව ඵරිසියා දැනසිටියේය. එය ඉටු කළ විට ඔහු ව්‍යවස්ථාවට කීකරු විය. ව්‍යවස්ථාව ඉටු කිරීමෙන් ඔහු අදහස් කළේ, වාචික ව්‍යවස්ථාවේ ඇති චාරිත්‍ර වාරිත්‍ර සහ නීති රීතිවලට ඇලී සිටීමයි. . . . යේසුස්, දෙවිට සහ අසල්වැසියාට ප්‍රේම කිරීම නමැති ආඥා දෙක (මතෙ. 22:34-40) කොයි කවුරුත් ක්‍රියාත්මක කළ යුතු දෙයක් බවට පත් කළේය. ඊට අමතරව, වාචික ව්‍යවස්ථාව මිනිසුන්ව බැඳ හිර කර තබන එකක් නිසා ඔහු එය හෙළා දැක්කේය. ප්‍රතිඵලයක් හැටියට, යේසුස්ගේ ඉගැන්වීම් සහ වාචික ව්‍යවස්ථාව මෙන්ම එහි දැඩි ස්වභාවය අතර ගැටුමක් ඇති විය.—ද නියූ ඉන්ටර්නැෂනල් ඩික්ෂනරි ඔෆ් නියූ ටෙස්ටමන්ට් තියොලජි.