පාදසටහන
a මෙහි සඳහන් ‘තාරකාවලින්’ ස්වර්ගයෙහි සිටින දේවදූතයන්ව සංකේතවත් කරන්නේ නැත. අදෘශ්‍යමාන ආත්ම මැවිලිවල ප්‍රයෝජනය සඳහා තොරතුරු වාර්තා කිරීමට යේසුස් මිනිසෙකුව යොදාගනියි කියා කිසිසේත් සිතිය නොහැක. මේ නිසා මෙම ‘තාරකාවලින්’ නියෝජනය වන්නේ සභාවල අවේක්ෂකයන් නොහොත් වැඩිමහල්ලන් ලෙස සේවය කරන මනුෂ්‍යයන්වයි. මොවුන්ව යේසුස්ගේ දූතයන් නොහොත් පණිවිඩකරුවන් ලෙස සැලකේ. ඔවුන්ගේ ගණන සතක් වීමෙන් අඟවන්නේ දිව්‍ය ප්‍රමිතිවලට අනුකූල වූ සම්පූර්ණකම එම විධිවිධානය සතුවීමයි.