පාදසටහන
a එක් විශ්වකෝෂයක (Encyclopaedia Judaica) සඳහන් වන ආකාරයට පුරාණ ඊශ්‍රායෙලයේ සිටි මිදි වගා කරන්නන් වැඩි කැමැත්තක් දැක්වූයේ දම් පැහැති පල ලැබෙන මිදි වගා කරන්නයි. මෙම දම් පැහැති පල සොරැක් කියා හඳුන්වනු ලැබුවා. පෙනෙන විදිහට යෙසායා 5:2හි සඳහන් වෙන්නේ මේ මිදි ගැන විය හැකියි. මේ මිදිවලින් පැණි රසයෙන් යුත් රතු වයින් නිෂ්පාදනය කළා.