පාදසටහන
a අමුත්තෙක් නිවසකට පැමිණි විට බැටළුවෙකුව මරා සංග්‍රහ කිරීම අතීතයේ ඊශ්‍රායෙලයේ සිරිතක්ව තිබුණා. නමුත් ඒ සඳහා බැටළුවෙකුව සොරකම් කිරීම වරදක් වූ අතර ඊට වන්දියක් ලෙස බැටළුවන් හතරදෙනෙක් දීමට සිදු වුණා. (නික්මයාම 22:1) දාවිත් රජ බැටළු පැටවාව ගත් ධනවතාව සැලකුවේ කිසිම අනුකම්පාවක් නැති කෙනෙක් ලෙසයි. ඊට හේතුව යම් දිනක පවුලේ අයට කිරි සහ ලොම් ගැනීමටත් බැටළු රැළක් ඇති වීමටත් ඉඩ තිබුණේ ඒ බැටළු පැටවාගෙන් නිසයි.