පාදසටහන
b ඍජුකෝණාස්‍රාකාර හැඩයෙන් යුත් ශුද්ධ කූඩාරම සාදා තිබුණේ දැවවලින්. ඊට අමතරව සීල් මත්ස්‍යන්ගේ හම්, විසිතුරු මෝස්තරවලින් නිම කළ රෙදි මෙන්ම රන් හා රිදී ආලේප කළ වටිනා ලී ඒ සඳහා යොදාගත්තා. මෙම කූඩාරම තිබුණේ ඍජුකෝණාස්‍රාකාර මලුවක් තුළයි. ඒ මලුව තුළ කූඩාරමට අමතරව සත්ව පූජා ඔප්පු කිරීම සඳහා පූජාසනයක්ද සාදා තිබුණා. පසු කාලයේදී පූජකයන්ගේ ප්‍රයෝජනය සඳහා කූඩාරම දෙපසින් විශාල කාමරද සාදා තිබෙන බව පෙනී යනවා. සාමුවෙල් නිදාගන්න ඇත්තේ එවැනි කාමරයක විය හැකියි.