පාදසටහන
c ඔවුන් එලෙස සිදු කළ අගෞරවනීය ක්‍රියාවන් දෙකක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එක දෙයක් නම් පූජකයන්ට හිමි විය යුත්තේ පූජා කරන ලද සත්වයෙකුගේ කුමන කොටස්ද කියා නීතියේ පැහැදිලිව සඳහන් වී තිබුණත් ඔවුන් ඒ ගැන කිසිම තැකීමක් නොකිරීමයි. (ද්විතීය කතාව 18:3) පූජකයන්ට හිමි මස් කොටස් තැම්බෙන්නත් කලින් පූජකයන්ගේ සේවකයන් කොක්කක් දමා ඒවා එළියට ඇදගත්තා. ඊට අමතරව සත්ව පූජා ඔප්පු කිරීම සඳහා පැමිණෙන මිනිසුන්ව බියගන්වා තෙල් කොටස් දැවෙන්නත් කලින් ඒවා ගෙන්වාගත්තා.—ලෙවී කතාව 3:3-5; 1 සාමුවෙල් 2:13-17.