පාදසටහන
b සාරා කියන්නේ ආබ්‍රහම්ගේ සහෝදරියක්. ඒ දෙන්නාගෙම තාත්තා තමයි ටේරා. ඒත් එයාලා අම්මලා දෙන්නෙක්ගේ දරුවෝ. (උත්පත්ති 20:12) අද කිට්ටු ලේ නෑයන් විවාහ වෙන එක සුදුසු දෙයක් හැටියට සලකන්නේ නැති වුණත් එදා තත්වය අදට වඩා වෙනස්. ලේ නෑයන් අතර විවාහයක් වුණත් එයාලාට ලැබෙන දරුවන්ගේ සෞඛ්‍යයට ඒක බලපෑවේ නැහැ. මොකද ඒ වෙද්දී ආදම් සහ ඒව පරිපූර්ණත්වය අහිමි කරගෙන වැඩි කාලයක් ගිහින් තිබුණේ නැති නිසා ඒ කාලේ හිටපු අය අදට වඩා නිරෝගියි. එයාලාගේ ආයු කාලයත් වැඩියි. ඒත් කාලයක් යද්දී මිනිසුන්ගේ ආයු කාලය ටිකෙන් ටික අඩු වුණා. ආබ්‍රහම්ගේ කාලෙන් අවුරුදු 400කට විතර පස්සේ මෝසෙස්ට දුන්න නීතියේ ඒ වගේ විවාහයන් තහනම් කළා.—ලෙවී කතාව 18:6.