පාදසටහන
a අපි කියන ශුභාරංචියට මිනිස්සු හොඳින් ඇහුම්කන් දෙද්දී අපිට ගොඩක් සතුටුයි. හැබැයි අපේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැති වුණාම අපි කලකිරෙන්න පුළුවන්. ඔයාත් එක්ක බයිබලය පාඩම් කරන කෙනෙක් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නේ නැද්ද? ඔයාගේ බයිබල් ශිෂ්‍යයෙක් කවදාවත් බව්තීස්මය දක්වා දියුණු වෙලා නැද්ද? ඒ කියන්නේ ඔයා යෙහෝවා දෙවියන් වෙනුවෙන් හොඳ සේවයක් කරලා නැහැ කියන එකද? යෙහෝවා අපේ සේවේ සාර්ථකත්වය මනින්නේ කොහොමද කියලත් මිනිස්සු හොඳ ප්‍රතිචාරයක් දැක්වුවත් නැතත් දිගටම සතුටින් සේවේ කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා.