ඔක්තෝබර් 15, බදාදා
“ඇල්ෆා සහ ඔමේගා මමයි.”—එළි. 1:8.
ඇල්ෆා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. ඔමේගා කියන්නේ අන්තිම අකුර. ඉතින් “මම ඇල්ෆා සහ ඔමේගා” කියලා කියපු එකෙන් යෙහෝවා දෙවියන් කාවැද්දුවේ ඔහු මොකක් හරි දෙයක් පටන්ගත්තා නම් අනිවාර්යයෙන්ම ඒක සාර්ථකව අවසන් කරනවා කියන එකයි. දෙවියන් ආදම් සහ ඒවව නිර්මාණය කළාට පස්සේ එයාලට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්. 1:28) තව විදිහකින් කියනවා නම් යෙහෝවා ඒ වෙලාවේ කළේ “ඇල්ෆා” කියලා කියපු එක. ඒ කියන්නේ ඔහුගේ අරමුණ ඉටු වෙන්න පටන්ගත්තා කියන එක. එයාලාගෙන් පැවතෙන කීකරු අය පරිපූර්ණත්වයට ළඟා වෙලා පොළොව පාරාදීසයක් වෙන දවසට යෙහෝවාට පුළුවන් “ඔමේගා” කියලා කියන්න. වෙන විදිහකින් කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔහුගේ අරමුණ ඉටු වුණා කියන එක. යෙහෝවා හැම දේම “සාදා නිම කළාට” පස්සේ එක සහතිකයක් දුන්නා හත්වෙනි දවස ඉවර වෙද්දී මිනිස්සු සහ මේ පොළොව සඳහා ඔහුට තිබුණ මුල් අරමුණ ඉටු වෙනවාමයි කියලා.—උත්. 2:1-3. w23.11 5 13-14¶
ඔක්තෝබර් 16, බ්‍රහස්පතින්දා
“යෙහෝවාගේ මාර්ගය එළිපෙහෙළි කරන්න. කාන්තාරය හරහා යන සමතලා මාර්ගයක් අපේ දෙවියන් වෙනුවෙන් හදන්න.”—යෙසා. 40:3.
ඊශ්‍රායෙල් දේශයට යන ගමන මාස හතරක විතර දුෂ්කර ගමනක්. හැබැයි දෙවියන් එයාලට පොරොන්දු වුණා බාධක අයින් කරලා එයාලා යන මඟ සමතලා කරනවා කියලා. එතකොට එයාලට බාගයක් දුර ගිහිල්ලා ආයේ හැරිලා එන්න වෙන්නේ නැහැ. විශ්වාසවන්ත යුදෙව්වන් දැනගෙන හිටියා ඊශ්‍රායෙල් දේශයට යන්න මොන කැප කිරීම කරන්න වුණත් ලැබෙන ආශීර්වාද ඒ හැම එකකටම වඩා වැඩියි කියලා. එයාලට ලැබුණ ලොකුම ආශීර්වාදය තමයි නිදහසේ දෙවියන්ට නමස්කාර කරන්න ලැබුණ එක. මොකද සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න, නීතියේ කියලා තිබුණ විදිහට පූජා ඔප්පු කරන්න තැනක් බැබිලෝනියේ තිබුණේ නැහැ. පූජා ඔප්පු කරන්න පූජකයන් හිටියෙත් නැහැ. යුදෙව්වන් වට වෙලා හිටියෙත් දෙවියන්ගේ ප්‍රමිති රකින්නේ නැති, බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අයගෙන්. ඒ නිසා මේ රාජ නියෝගය අහපු හැටියේ දහස් ගාණක් යුදෙව්වන් ආයේ තමන්ගේ මව්බිමට යන්න බලන් හිටියේ නොඉවසිල්ලෙන්. මොකද එයාලා දැනගෙන හිටියා එහෙට ගිහින් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න පුළුවන් කියලා. w23.05 14-15 3-4¶
ඔක්තෝබර් 17, සිකුරාදා
“ආලෝකයේ දරුවන් විදිහට දිගටම ජීවත් වෙන්න.”—එෆී. 5:8.
දිගටම “ආලෝකයේ දරුවන්” විදිහට ජීවත් වෙන්න අපිට දෙවියන්ගේ බලයේ උදව් ඕනෙමයි. මොකද සදාචාරය පිරිහිලා තියෙන මේ ලෝකේ පිරිසිදු ජීවිතයක් ගත කරන එක ඇත්තටම අභියෝගයක්. (1 තෙස. 4:3-5, 7, 8) මේ ලෝකේ ඉන්න හුඟදෙනෙක් හිතන විදිහ දෙවියන් හිතන විදිහට වඩා හාත්පසින්ම වෙනස්. සමහරුන්ට තියෙන්නේ දර්ශනවාදී අදහස්. හැබැයි දෙවියන්ගේ බලයට පුළුවන් ඒ දේවල්වලින් අපේ හිත් ආරක්ෂා කරන්න. ඒ වගේම “සෑම පැත්තකින්ම යහපත්කම, ධර්මිෂ්ඨකම” වගේ ගුණාංග වර්ධනය කරගන්න උදව් කරන්නත් ඒ බලයට පුළුවන්. (එෆී. 5:9) ඒ බලය ලබාගන්න පුළුවන් එක විදිහක් තමයි ඒක ඉල්ලලා යාච්ඤා කරන එක. ඒකයි යේසුස් කිව්වේ දෙවියන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් “ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන්” ඒ දේ දෙයිද කියලා. (ලූක් 11:13) ඒ වගේම අපි යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න එකට රැස් වෙද්දීත් අපිට ඔහුගේ බලය ලැබෙනවා. (එෆී. 5:19, 20) ඒ බලයේ උදව්වෙන් අපිට පුළුවන් යෙහෝවා දෙවියන්ට ප්‍රසන්න විදිහේ ජීවිතයක් ගත කරන්න. w24.03 23-24 13-15¶