ඔක්තෝබර් 17, සිකුරාදා
“ආලෝකයේ දරුවන් විදිහට දිගටම ජීවත් වෙන්න.”—එෆී. 5:8.
දිගටම “ආලෝකයේ දරුවන්” විදිහට ජීවත් වෙන්න අපිට දෙවියන්ගේ බලයේ උදව් ඕනෙමයි. මොකද සදාචාරය පිරිහිලා තියෙන මේ ලෝකේ පිරිසිදු ජීවිතයක් ගත කරන එක ඇත්තටම අභියෝගයක්. (1 තෙස. 4:3-5, 7, 8) මේ ලෝකේ ඉන්න හුඟදෙනෙක් හිතන විදිහ දෙවියන් හිතන විදිහට වඩා හාත්පසින්ම වෙනස්. සමහරුන්ට තියෙන්නේ දර්ශනවාදී අදහස්. හැබැයි දෙවියන්ගේ බලයට පුළුවන් ඒ දේවල්වලින් අපේ හිත් ආරක්ෂා කරන්න. ඒ වගේම “සෑම පැත්තකින්ම යහපත්කම, ධර්මිෂ්ඨකම” වගේ ගුණාංග වර්ධනය කරගන්න උදව් කරන්නත් ඒ බලයට පුළුවන්. (එෆී. 5:9) ඒ බලය ලබාගන්න පුළුවන් එක විදිහක් තමයි ඒක ඉල්ලලා යාච්ඤා කරන එක. ඒකයි යේසුස් කිව්වේ දෙවියන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් “ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන්” ඒ දේ දෙයිද කියලා. (ලූක් 11:13) ඒ වගේම අපි යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න එකට රැස් වෙද්දීත් අපිට ඔහුගේ බලය ලැබෙනවා. (එෆී. 5:19, 20) ඒ බලයේ උදව්වෙන් අපිට පුළුවන් යෙහෝවා දෙවියන්ට ප්‍රසන්න විදිහේ ජීවිතයක් ගත කරන්න. w24.03 23-24 13-15¶
ඔක්තෝබර් 18, සෙනසුරාදා
“දිගටම ඉල්ලන්න. එතකොට ඉල්ලන දේ ඔයාලට ලැබෙයි. දිගටම හොයන්න. එතකොට ඔයාලට හම්බ වෙයි. දිගටම තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි.”—ලූක් 11:9.
යාච්ඤා කරලා ඉවසීම වැඩි කරගන්න උදව් ඉල්ලන්න. ඉවසීම කියන්නේ දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22, 23) ඒ නිසා ඒ ගුණාංගය ඇති කරගෙන ඒක දිගටම වර්ධනය කරගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. විශේෂයෙන්ම ඉවසන්න ගොඩක් අමාරුයි කියලා හිතෙද්දී ඒ දේ දිගටම කරන්න. (ලූක් 11:13) ඒ වගේම, දේවල් දිහා යෙහෝවා බලන විදිහට බලන්නත් උදව් ඉල්ලන්න. ඒත් උදව් ඉල්ලුවාට විතරක් මදි. හැම දවසකම ඉවසීමෙන් වැඩ කරන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරන්නත් ඕනේ. ඒ විදිහට ඔයා ඒ ගැන යාච්ඤා කරන තරමට, ඉවසන්න මහන්සි වෙන තරමට ඒ ගුණාංගය ඔයාගේ හදවතේ මුල් අදියි. එතකොට යෙහෝවාගේ උදව්වෙන් කලින්ටත් වඩා ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. බයිබල් ආදර්ශ ගැන ගැඹුරින් හිතන එකත් උදව්වක්. ඉවසීමෙන් වැඩ කරපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. ඒ අය ගැන කියවලා හොඳට හිතද්දී ඉවසීම පෙන්නන්න පුළුවන් තව හුඟක් පැති ඉගෙනගන්න අපිට පුළුවන්. w23.08 22 10-11¶
ඔක්තෝබර් 19, ඉරිදා
“දැන් දියඹට ගිහින් දැල් දාන්න.”—ලූක් 5:4.
යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ වුණ දෙයක් බලන්න. ඔහු පේතෘස්ට සහ එයාත් එක්ක හිටපු අනිත් අයට ආශ්චර්යවත් විදිහට මාළු අල්ලන්න උදව් කළා. (යොහ. 21:4-6) අවශ්‍ය ඕනම දෙයක් ලේසියෙන් සපයන්න යෙහෝවාට පුළුවන් කියලා ඒ ආශ්චර්යය නිසා පේතෘස්ට සහතිකයක් ලැබුණා. ‘දේවරාජ්‍යයට මුල් තැන දෙන’ අයව යෙහෝවා අනිවාර්යයෙන්ම බලාගන්නවා කියලා යේසුස් කලින් කියපු දේ ඒ වෙලාවේ පේතෘස්ට මතක් වෙන්න ඇති. (මතෙ. 6:33) ඒ නිසා තමයි එයාගේ ධීවර ව්‍යාපාරය අත්හැරලා සේවේට මුල් තැන දෙන්න එයා පෙලඹුණේ. ඒ වගේම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී එයා හරිම නිර්භීතව සාක්ෂි දරලා දහස් ගාණකට ක්‍රිස්තියානීන් වෙන්න උදව් කළා. (ක්‍රියා 2:14, 37-41) ඊටපස්සේ එයා සමරිතානුවන්ට සහ වෙනත් ජාතීන්ටත් යේසුස්ව පිළිගන්න උදව් කළා. (ක්‍රියා 8:14-17; 10:44-48) හැම තරාතිරමක ඉන්න අයව ක්‍රිස්තියානි සභාවට ගේන්න යෙහෝවා පේතෘස්ව පාවිච්චි කරපු විදිහ කොච්චර පුදුමාකාරද! w23.09 20 1¶; 23 11¶