අගෝස්තු 30, සෙනසුරාදා
“දෙවියන් අපිව ඒ විදිහට සනසන නිසා ඕනෙම පීඩාවකට මූණ දෙන අයව සනසන්න අපිටත් පුළුවන්.”—2 කොරි. 1:4.
යෙහෝවාට පුළුවන් දුකින් ඉන්න කෙනෙක්ව සනසලා එයාට ප්රබෝධයක් දෙන්න. ඔහු වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි අනිත් අයව සනසන්න අපිව පොලඹවන ලස්සන ගුණාංග වර්ධනය කරගන්න එක. අපි දැන් ඒවායින් කීපයක් බලමු. හැම දවසකම ‘දිගටම එකිනෙකාව සනසවන්න’ නම් අපිට අනිත් අය ගැන ආදරයක් තියෙන්න ඕනේ. ඒ වගේ ආදරයක් ඇති කරගන්නේ කොහොමද? (1 තෙස. 4:18) ඒකට එකිනෙකාට අනුකම්පාව, සහෝදර ස්නේහය සහ කරුණාව පෙන්නන්න ඕනේ. (කොලො. 3:12; 1 පේතෘ. 3:8) ඒ ගුණාංග අපි වර්ධනය කරගන්නවා නම් වේදනාවෙන් ඉන්න කෙනෙක්ව දැකදැක අහක බලන්න අපේ හිත දෙන්නේ නැහැ. යේසුස් මෙහෙම කිව්වා. “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි. යහපත් මිනිසා තමාගේ සිතේ ගබඩා කරගත් යහපත් දේ පිටතට ගෙන එයි.” (මතෙ. 12:34, 35) ඒ කියන්නේ අනුකම්පාව අපේ වචනයෙන් සහ ක්‍රියාවෙන් එළියට එන්නේ ඒක අපේ හිතේ තිබුණොත් විතරයි. ඒ හැම දේකින්ම පැහැදිලියි අපේ සහෝදර සහෝදරියන්ව සනසන එක එයාලට ආදරේ පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් කියලා. w23.11 10 10-11¶
අගෝස්තු 31, ඉරිදා
“අවබෝධයෙන් වැඩ කරන අය මේ දේවල් තේරුම්ගන්නවා.”—දානි. 12:10.
අපේම හැකියාවෙන් අනාවැකි තේරුම්ගන්න බැහැ. මෙහෙම හිතන්න. ඔයා නොදන්න පැත්තක ගමනක් යනවා. හැබැයි ඔයාත් එක්ක ඉන්න යාළුවාට ඒ පැත්ත හොඳට හුරුයි. ඔයාලා ඉන්න තැන එයා හරියටම දන්නවා. හැම පාරක්ම වැටෙන්නේ කොහෙටද කියලත් එයා දන්නවා. යෙහෝවා දෙවියනුත් ඒ යාළුවා වගේ. කාල රේඛාවේ අපි දැන් ඉන්න තැන ඔහු හරියටම දන්නවා. ඉස්සරහට වෙන්නේ මොනවාද කියලත් ඔහු දන්නවා. ඒ නිසා අපි නිහතමානී වෙලා යෙහෝවාගේ උදව් ඉල්ලන්නම ඕනේ. (දානි. 2:28; 2 පේතෘ. 1:19, 20) සාමාන්‍යයෙන් ඕනම දෙමාපියෙක් ආසයි දරුවන්ගේ අනාගතේ හොඳ එකක් වෙනවාට. අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාත් ඒ වගේ. (යෙරෙ. 29:11) හැබැයි මිනිස්සු වගේ නෙවෙයි දෙවියන්ට පුළුවන් අනාගතේ වෙන දේ අකුරටම කියන්න. ඒකයි ඔහු ඉස්සරහට වෙන වැදගත් සිද්ධීන් ගැන ඒවා වෙන්න කලින්ම අපිව දැනුවත් කරන්නේ. එහෙම බලද්දී අනාවැකි කියන්නේ ඇත්තටම දෙවියන්ගෙන් අපිට ලැබුණ තෑගි. ඒත් බයිබලේ තියෙන දේවල් ඇත්තටම ඉටු වෙයි කියලා සහතික කරගන්නේ කොහොමද?—යෙසා. 46:10. w23.08 8 3-4¶
සැප්තැම්බර් 1, සඳුදා
“හිමිදිරි උදෑසන විහිදෙන ආලෝකයක් අපි ළඟට බැහැලා එයි.”—ලූක් 1:78.
මිනිස්සුන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න දෙවියන් යේසුස්ට බලය දුන්නා. යේසුස් කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වුණා ඕනම ප්‍රශ්නයක් විසඳන්න යේසුස්ට පුළුවන් කියලා. උදාහරණෙකට ඔහුට පුළුවන් අසනීප, මරණය ඇතුළුව අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම මුල් වුණ හේතුව ඒ කියන්නේ පාපය වුණත් අයින් කරලා දාන්න. (මතෙ. 9:1-6; රෝම 5:12, 18, 19) “සියලු ආකාර” අසනීප හොඳ කරන්න පුළුවන් කියලා යේසුස් ඔප්පු කළා. (මතෙ. 4:23) කොටින්ම කිව්වොත් කෙනෙක්ව මරණයෙන් නැඟිට්ටවන්නත් යේසුස්ට බලය තියෙනවා. (යොහ. 11:43, 44) ඒ වගේම බිහිසුණු කුණාටු නිහඬ කරන්න, දරුණු භූතයන්ව මෙල්ල කරන්න ඔහුට පුළුවන්. (මාක් 4:37-39; ලූක් 8:2) යෙහෝවා ඒ තරම් බලයක් යේසුස්ට දුන්නා නම් යේසුස් අපේ හැම ප්‍රශ්නයක්ම විසඳයිද කියලා අපි සැකයක් තියාගන්න ඕනෙද? දේවරාජ්‍යයෙන් පොරොන්දු වෙලා තියෙන ආශීර්වාද අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා අපිට සහතිකයි. මොකද යේසුස් ඒ හැම ආශ්චර්යයක්ම කළේ මනුෂ්‍යයෙක් විදිහට ඉද්දී. එහෙමනම් දේවරාජ්‍යයේ රජ විදිහට ඔහු ඉස්සරහට ඊට වඩා කොච්චර දේවල් කරයිද! w23.04 3 5-7¶