ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 1 12-13 පි.
  • ලීච්ටෙන්ස්ටියන්වලට යමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලීච්ටෙන්ස්ටියන්වලට යමු
  • 2016 පිබිදෙව්!
2016 පිබිදෙව්!
g16 අංක 1 12-13 පි.
ලීච්ටෙන්ස්ටියන්වල තියෙන ලී පාලමක්

අපේ විත්ති

ලීච්ටෙන්ස්ටියන්වලට යමු

ස්විට්සර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර තියෙන ලීච්ටෙන්ස්ටියන්වල සිතියම

ලීච්ටෙන්ස්ටියන් ලෝකයේ තියෙන පුංචිම රටවල් අතරින් එකක්. මේ රට තියෙන්නේ ස්විට්සර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර තියෙන සුන්දර ඇල්ප්ස් කඳුවැටියේ. රෝමයෙන් ආපු අය, ජර්මනියේ ඇලමනි ගෝත්‍රයට අයත් අය හා වෙනත් යුරෝපා රටවල්වලින් ආපු අය සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ ජීවත් වෙලා තියෙනවා. දැන් මේ රටේ ඉන්න ජනගහනයෙන් තුනෙන් දෙකක්ම ඇලමනි ගෝත්‍රයෙන් පැවතෙන අය. ඒ අයට අවුරුදු 1,500ක විතර දිගු ඉතිහාසයක් තියෙනවා.

ලීච්ටෙන්ස්ටියන්වල රාජ්‍ය භාෂාව ජර්මානු භාෂාව වුණත් මිනිස්සු ඒ භාෂාව කතා කරන විදිහ ගමින් ගමට වෙනස්. ඉරිඟුවලින් හදන “ටූර්කා-රෙබෙල්” සහ චීස් හා පාස්තා දාලා හදන “කස්නොෆ්ලේ” ඒ රටට ආවේණික රසවත් කෑම වර්ග දෙකක්.

ලීච්ටෙන්ස්ටියන්වල ප්‍රසිද්ධ කෑම වර්ග දෙකක්

“කස්නොෆ්ලේ”

ලීච්ටෙන්ස්ටියන්වල සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටින කාන්තාවක් හා දැරියක්

සාම්ප්‍රදායික ඇඳුම්

හිමෙන් වැසුණු කඳුවැටි, නිල්වන් නිම්නයන්, මිදි වතු සහ වගාබිම් මේ රටට එක් කරන්නේ අපූරු සුන්දරත්වයක්. ලීච්ටෙන්ස්ටියන්වල ඕකිඩ් විශේෂයන් 50ක් විතර දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෞතුකාගාර, රංග ශාලා හා වයින් හදන තැන් බලන්නත් ඒ රටට එන සංචාරකයන් හරි ආසයි. ග්‍රීෂ්ම කාලේදී වගේම ශීත කාලයේදීත් ඒ රටට එන සංචාරකයන්ගෙන් නම් කිසි අඩුවක් නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1920 ගණන්වල ඉඳන් මේ රටේ සේවය කරනවා. මේ වෙද්දී සාක්ෂිකරුවන් 90දෙනෙක් විතර මේ රටේ අයට හා සංචාරකයන්ට බයිබලයේ තියෙන දේවල් උගන්වන්නේ හරිම සතුටින්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොත ජර්මන් භාෂාවෙන් ලබාගන්න පුළුවන්. එය www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා.

තොරතුරු ලුහුඬින්

  • ජනගහනය: 37,000

  • අගනුවර: වදුස්

  • රාජ්‍ය භාෂාව: ජර්මන්

  • ආගම: බහුතරයක් රෝමානු කතෝලික

දැනුම මැනලා බලන්න

ලීච්ටෙන්ස්ටියන් සම්බන්ධයෙන් ඇත්තක් වෙන්නේ මොනවාද?

  1. 1. මේ රට සම්පූර්ණයෙන්ම රටවල් 2කින් වට වෙලා තියෙනවා. ඒ රටවල් 2ත් වෙනත් රටවල්වලින් වට වෙලයි තියෙන්නේ.

  2. 2. මේ රටේ ක්ෂීරපායී සත්ව විශේෂයන් 50කට වඩා ඉන්නවා.

  3. 3. මේ රටේ ශාක විශේෂයන් 1,600ක් විතර තියෙනවා.

  4. 4. මේ රටේ හමුදාවක් නැහැ.

පිළිතුරු: හතරම හරි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න