ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 1 14-15 පි.
  • ඔයා සහකරුව අගය කරනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා සහකරුව අගය කරනවාද?
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • සමාදාන වීමට හැකිද?
    1999 පිබිදෙව්!
  • 3 ගෞරව කරන්න
    2018 පිබිදෙව්!
  • යාළුකම දුර දිග ගිහින්ද?
    2013 පිබිදෙව්!
  • අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 1 14-15 පි.
බිරිඳව සතුටු කරන්න හිතාගෙන මල් කලඹක් ගේන සැමියෙක්

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

ඔයා සහකරුව අගය කරනවාද?

ප්‍රශ්නය

විවාහ ජීවිතය ලස්සන කරගන්න නම් ඔය දෙන්නාම එකිනෙකාව අගය කරන එක හරිම වැදගත්. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ හොඳ පැති දකිනවා වෙනුවට වැරදි පේන එකයි. ඒ ගැන එක උපදේශකයෙක් මෙහෙම කියනවා. “පවුල් ප්‍රශ්න ගැන කතා කරන්න ගොඩක් අය මගේ ඔෆිස් එකට එනවා. ඒ හැමෝම අනිත් කෙනාගේ අඩුපාඩු ගැන කියනවා මිසක් එයා කරන හොඳ දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඒ කවුරුවත් අනිත් කෙනාව අගය කරන්නේ නැහැ. එයාලට වැරදිලා තියෙන්නේ එතැනයි.”—Emotional Infidelity.

ඔය දෙන්නාටත් ඒ ප්‍රශ්නේ තියෙනවාද? එහෙමනම් මොනවාද කරන්න පුළුවන්?

දැනගන්න ඕන දේ

හොඳ දේවල් අගය කරලා ඒ ගැන එයාට කියනවා නම් හුඟක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. සැමියෙක් සහ බිරිඳක් එකිනෙකාගේ හොඳ දේවල් දකින්න උත්සාහ කරද්දී, ඒ ගැන එකිනෙකාට කියද්දී දෙන්නා අතරේ තියෙන බැඳීම වැඩි වෙනවා. දෙන්නාට දෙන්නා අගය කරගන්නවා නම් පවුල් ජීවිතයේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවක වුණත් ඒක විසඳගන්න අමාරු නැහැ.

ඔයා බිරිඳක් නම්. “සැමියෙක් පවුලට ඕන දේවල් සපයන්න කොච්චර මහන්සි වෙනවාද කියලා හුඟක් භාර්යාවන් හිතන්නේ නැහැ” කියලා පොතක කියනවා. (Emotional Infidelity) දෙන්නාම රස්සාවට ගියත් පවුලේ වැඩි බරක් දරන්න වෙන්නේ සැමියාට.

ඔයා සැමියෙක් නම්. අද හුඟක් භාර්යාවන් රස්සාවක් කරන ගමන් ගෙදර වැඩ කරනවා, ළමයි බලාගන්නවා. ඒක ලොකු මහන්සියක් වුණත් සමහර සැමියන් හිතන්නේ ඒක එයාලා කරන්නම ඕන දෙයක් කියලයි. අවුරුදු 3කට විතර කලින් විවාහ වුණ ෆියෝනාa මෙහෙම කියනවා. “මගේ අතින් වරදක් වුණාම මට මාවම එපා වෙනවා. හැබැයි මගේ හස්බන්ඩ් මං කරපු හොඳ දෙයක් ගැන කියලා අගය කරද්දී මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මගේ අතින් අඩුපාඩු වුණත් එයා මට කොච්චර ආදරේද, එයාට මාව කොච්චර වටිනවාද කියලා මට දැනෙනවා. ඒක මට පුදුම සතුටක්.”

අනිත් අතට කරන කිසිම හොඳක් අගය කරන්නේ නැත්නම් පවුල් ජීවිතය කැඩෙන්න වුණත් පුළුවන්. එක බිරිඳක් මෙහෙම කිව්වා. “කෙනෙක්ට තමන්ගේ බිරිඳගෙන් හරි සැමියාගෙන් හරි කිසිම අගය කිරීමක් නැහැ කියලා දැනෙද්දී තමන්ව අගය කරන වෙන කෙනෙක්ට ළං වෙන්නත් ඉඩ තියෙනවා.”

කරන්න පුළුවන් දේ

හොඳින් හොයලා බලන්න. ඊළඟ සතිය පුරා ඔයාගේ සැමියාගේ හෝ බිරිඳගේ හොඳ පැති දකින්න උත්සාහ කරන්න. ඒ වගේම පවුල වෙනුවෙන් එයා මහන්සි වෙලා කරන දේවල් ගැනත් අවධානයෙන් ඉන්න. ඊටපස්සේ සතියේ අන්තිමට (1) ඔයා දැකපු හොඳ පැති ගැනත් (2) පවුල වෙනුවෙන් එයා මහන්සි වෙලා කරපු දේවල් ගැනත් ලැයිස්තුවක් හදන්න.—බයිබල් ප්‍රතිපත්තිය: ෆිලිප්පි 4:8.

සහකරු කරන හොඳ දේවල් ගැන අපි අවධානයෙන් ඉන්න ඕනෙ ඇයි? එරිකා මෙහෙම කියනවා. “බැඳලා ටික කාලයක් යද්දී සහකරු කරන හොඳ දේවල් ගැන මුලින් දැනුණු අගය ටිකෙන් ටික අඩු වෙලා යනවා. එතකොට දන්නෙම නැතුව කරන හොඳ දේවල්වලට වඩා කරන්නේ නැති දේවල් තමයි ලොකුවට පේන්නේ.”

මෙහෙම හිතන්න: ‘මගේ සහකරු මහන්සි වෙලා කරන දේවල් මං එච්චර ගණන් ගන්නේ නැද්ද?’ උදාහරණයකට ඔයාගේ සැමියා ගෙදර කැඩුණු මොනා හරි දෙයක් හැදුවොත් ඔයාට කොහොමද දැනෙන්නේ? ‘එයා ඉතිං ගෙදර පිරිමියානේ, කොහොමත් එයා ඒක කරන්න ඕනෙ තමයි’ කියලා හිතලා එයා කරපු දේට ස්තුති කරන්නේ නැතුව ඉන්නවාද? අනිත් අතට ඔයා සැමියෙක් නම් ළමයින්ගේ වැඩ කරන්න බිරිඳ දරන මහන්සිය ගැන ඔයාට මොනවාද හිතෙන්නේ? ‘ළමයින්ගේ අම්මා විදිහට එයා ඒවා කරන්න ඕනෙ’ කියලා හිතලා එයාව අගය කරන්නේ නැතුව ඉන්නවාද? පවුල වෙනුවෙන් සහකරු කරන දේ පොඩි වුණත් ලොකු වුණත් ඒ දේවල් ගැන හොයලා බලලා අගය කරන්න අධිෂ්ඨානයක් ගන්න.—බයිබල් ප්‍රතිපත්තිය: රෝම 12:10.

හද පතුලෙන්ම අගය කරන්න. “ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි” කියලා බයිබලයේ කියනවා. (කොලොස්සි 3:15) ඒ කියන්නේ නිකම්ම ස්තුතියි කියනවාට වඩා ඒක අපේ හදවතේ තියෙන්න ඕන දෙයක් කියන එකයි. ජේම්ස් මෙහෙම කිව්වා. “මගේ වයිෆ් මාව අගය කරද්දී පවුල වෙනුවෙන් මම කරන දේවල් තවත් හොඳින් කරන්න, මීට වඩා හොඳ සැමියෙක් වෙන්න ඕනෙ කියලා මට හිතෙනවා.”—බයිබල් ප්‍රතිපත්තිය: කොලොස්සි 4:6.

සැමියා සහ බිරිඳ එකිනෙකා කරන හොඳ දේවල් අගය කරද්දී ඒ දෙන්නා හුඟක් කිට්ටු වෙනවා. මයිකල් මෙහෙම කිව්වා. “බැඳපු අය හැම තිස්සෙම අනිත් කෙනාගේ හොඳ පැති ගැන හිතනවා නම් විවාහය කැඩෙන්නේ නැහැ. සහකරුගේ හොඳ පැති මතක තියන් ඉන්න නිසා ප්‍රශ්න ආවත් කසාදේ කටු ගාලා දාන්න එයාලා හිතන්නේ නැහැ.”

a සමහර නම් වෙනස් කර ඇත.

මූලික බයිබල් ප්‍රතිපත්ති

  • “ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

  • “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

  • “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න.”—කොලොස්සි 4:6.

ඊතන් සහ ටියා

ටියා සහ ඊතන්

“දවස ගාණේ එන අභියෝග නිසා වෙලාවකට මං හොඳටම හෙම්බත් වෙනවා. හැබැයි ටියා මං ගාවට ඇවිල්ලා සැමියෙක් විදිහට මං කරන දේවල් අගය කළාම මට දැනෙන්නේ පුදුම හයියක්.”

“රස්සාවේ කරන්න තියෙන වැඩ කන්දරාව නිසා සමහර වෙලාවට මට පුදුම පීඩනයක් දැනෙනවා. හැබැයි හැම දෙයක්ම හොඳට කරන්න මම මහන්සි වෙන එක ඊතන් හුඟක් අගය කරනවා. මගේ දවස ගෙවුණු විදිහ එයාට කියද්දී එයා අහගෙන ඉන්න එකෙන් මට තේරෙනවා එයා මං කරන දේවල් කොච්චර අගය කරනවාද කියලා. ඒක මට ලොකු සහනයක්. එයාගේ ආදරේ මට ඒකෙන් දැනෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න