ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 69 ලිපිය
  • යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාච්ඤා කරන්න ඕනෙ ඇයි?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යාච්ඤාව කියන්නේ මොකක්ද?
  • දෙවියන් මගේ යාච්ඤා අහනවාද?
  • මට යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද?
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දෙවිට සමීප වීමට ඔබට හැකි අයුරු
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 69 ලිපිය
යෞවනියක් විලක් ළඟ ඉඳගෙන ඉන්නවා

යොවුන් සිතේ ගැටලු

යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

ඇමරිකාවේ පවත්වපු සමීක්ෂණයකට අනුව ඇමරිකානු යෞවන දරුවන්ගෙන් 80%ක් දෙවියන්ට යාච්ඤා කරනවා කියලා හොයාගත්තා. හැබැයි හැමදාම යාච්ඤා කරන්නේ ඒ අයගෙන් බාගයයි. යාච්ඤාව කියන්නේ අපිට මානසික සුවයක් දෙන දෙයක් විතරද? නැත්නම් ඒකෙන් ඊටත් වඩා දෙයක් වෙනවාද?

  • යාච්ඤාව කියන්නේ මොකක්ද?

  • දෙවියන් මගේ යාච්ඤා අහනවාද?

  • මට යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

යාච්ඤාව කියන්නේ මොකක්ද?

යාච්ඤාව කියන්නේ මුළු විශ්වයේම නිර්මාතෘ එක්ක කරන කතාබහකටයි. යෙහෝවා දෙවියන් මිනිසුන්ට වඩා හැම අතින්ම උසස්. ඒත් ඔහු ‘අපෙන් දුරස්ව ඉන්න කෙනෙක් නෙවෙයි.’ (ක්‍රියා 17:27) බයිබලයේ දෙවියන් මිනිසුන්ට මේ වගේ ආරාධනාවකුත් කරලා තියෙනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකොබ් 4:8) යාච්ඤාව කියන්නේ මොන තරම් වටින දෙයක්ද!

දෙවියන්ට ළං වෙන්න පුළුවන් කොහොමද?

  • යාච්ඤා කරලා දෙවියන්ට ළං වෙන්න පුළුවන්. ඒ මාර්ගයෙන් තමයි ඔයාට දෙවියන් එක්ක කතා කරන්න පුළුවන් වෙන්නේ.

  • බයිබලය අධ්‍යයනය කරන එකෙනුත් දෙවියන්ට ළං වෙන්න පුළුවන්. ඒ මාර්ගයෙන් තමයි දෙවියන් ඔයාට කතා කරන්නේ.

ඔයා යාච්ඤා කරලා බයිබලය අධ්‍යයනය කළොත් යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් වෙයි.

“යෙහෝවා දෙවියන් කියන්නේ විශ්වයේ ඉන්න උසස්ම කෙනා. ඔහුත් එක්ක කතා කරන්න ලැබිලා තියෙන එක අපිට ලැබුණු වටිනාම වරප්‍රසාදයක්.”—ජෙරමි.

“මගේ හිතේ තියෙන හැම දෙයක්ම මං යෙහෝවා දෙවියන්ට කියද්දී මට දැනෙන්නේ යෙහෝවා දෙවියන් මට කිට්ටුවෙන්ම ඉන්න කෙනෙක් වගෙයි.”—මිරැන්ඩා.

දෙවියන් මගේ යාච්ඤා අහනවාද?

දෙවියන් ගැන ඔයාට විශ්වාසයක් තිබුණත් ඔහුට ඔයා යාච්ඤා කෙරුවත් දෙවියන් ඔයාගේ යාච්ඤාවලට ඇත්තටම ඇහුම්කන් දෙනවා කියන දේ පිළිගන්න අමාරුයි කියලා හිතෙයි. ඒත් බයිබලයේ යෙහෝවා දෙවියන්ව හඳුන්වන්නේ “යාච්ඤා අසන තැනැත්තාණන්” විදිහටයි. (ගීතාවලිය 65:2) ඒ විතරක් නෙමෙයි දෙවියන් ඔයා ‘ගැන සැලකිලිමත් නිසා’ ඔයාගේ ‘කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම ඔහු පිට තියන්න’ කියලත් බයිබලයේම කියනවා.—1 පේතෘස් 5:7.

හිතන්න දෙයක්: ඔයාගේ කිට්ටු යාළුවන් එක්ක කතා කරන්න ඔයා නිතරම වගේ කාලය හොයාගන්නවාද? එහෙනම් දෙවියන් එක්ක කතා කරන්නත් නිතරම කාලය හොයාගන්න. මොකද බයිබලයේ කියන්නේ “නොකඩවා යාච්ඤා කරන්න” කියලයි. (1 තෙසලෝනික 5:17) ඒ වගේම යාච්ඤා කරද්දී දෙවියන්ගේ නම පාවිච්චි කරන්න අමතක කරන්නත් එපා.—ගීතාවලිය 86:5-7; 88:9.

“යාච්ඤා කරද්දී මං ස්වර්ගයේ ඉන්න මගේ තාත්තාත් එක්කයි කතා කරන්නේ. ඒ නිසා මං හිතේ තියෙන හැම දෙයක්ම බය නැතුව කියනවා.”—මොයිසෙස්.

“මගේ අම්මාත් එක්ක නැත්නම් කිට්ටු යාළුවෙක් එක්ක කතා කරන විදිහටමයි මං යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්නේ. මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියනවා.”—කේරන්.

මට යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද?

බයිබලයේ මෙහෙම කියනවා. “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.”—ෆිලිප්පි 4:6.

ඒ කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්නයක් ගැනත් දෙවියන්ට කියන්න පුළුවන්ද? ඔව්. බයිබලයේ කියන්නේ “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය” කියලයි.—ගීතාවලිය 55:22.

ඔයාට තියෙන ප්‍රශ්න ගැන යෙහෝවා දෙවියන්ට කියන්න අවස්ථාව තිබුණත් ඒවා ගැන විතරක්ම කියන්න එපා. ෂොන්ටෙල් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන්ගෙන් උදව් විතරක් ඉල්ලද්දී ඔහුගේ කිට්ටු යාළුවෙක් වෙන්න අමාරුයි. මං හිතන විදිහට, යාච්ඤා කරද්දී අපි මුලින්ම ඔහුට ස්තුති කරන්න ඕනේ. එකක් දෙකක් ගැන විතරක් නෙමෙයි. ඒත් මනසට එන හැම දෙයක් ගැනම ඔහුට ස්තුති කරන්න අපි කාලය ගන්න ඕනේ.”

හිතන්න දෙයක්: ඔයා ස්තුතිවන්ත වෙන්නේ ඔයාට ලැබිලා තියෙන මොන දේවල් ගැනද? ඔයාට පුළුවන්ද අද දවසේ දෙවියන්ට ස්තුතියි කියන්න පුළුවන් දේවල් තුනක් ගැන හිතන්න?

“ලස්සන මලක් වගේ පොඩි දෙයක් ගැන වුණත් යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න අපිට පුළුවන්.”—අනීටා.

“දෙවියන්ගේ නිර්මාණයක් ගැන හරි ඔයා වැඩියෙන්ම කැමති බයිබල් පදයක් ගැන හරි හිතන්න කාලය ගන්න. ඊටපස්සේ ඒ ගැන යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න.”—බ්‍රයන්.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

මොයිසෙස්

“අපි යෙහෝවා දෙවියන්ට කියන දේවල් එන්න ඕනෙ හද පත්ලෙන්මයි. යෙහෝවා දෙවියන්ට ඕනෙ අපිට උදව් කරන්න. අපි ඉල්ලන්නත් කලින් අපිට ඕනෙ මොනවාද කියලා දෙවියන් දන්නවා. ඒත් අපි මුළු හිතෙන්ම යාච්ඤා කරද්දී දෙවියන් ගැන අපිට කොයි තරම් විශ්වාසයක් තියෙනවාද කියලා පෙන්නන්න පුළුවන්.”—මොයිසෙස්.

මිරැන්ඩා

“යාච්ඤාව හරියට කඹයක් වගේ. ඒකෙ එක කොනකින් මං අල්ලන් ඉන්නවා. අනිත් කොනෙන් යෙහෝවා දෙවියන් අල්ලන් ඉන්නවා. හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියද්දී මට දැනෙන්නේ හරියට මම ඒ කඹය තවත් තදින් අල්ලගන්නවා වගෙයි. එහෙම වෙද්දී යෙහෝවා දෙවියනුත් මට තව කිට්ටු වෙනවා. අපි දෙන්නා අතරේ තියෙන බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා.”—මිරැන්ඩා.

ජෙරමි

“පරිස්සම් වුණේ නැත්නම් අපි අපිට ඕනෙ කරන දේවල් ගැන විතරක්ම යාච්ඤා කරන්න පෙලඹෙයි. හැබැයි යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන දේවල් ගැන අපි ස්තුති කරනවා නම් ඒ දේවල් අගය කරන්න අපි පෙලඹෙනවා. එතකොට අපේ යාච්ඤාවට ඇතුළත් කරන්න කොයි තරම් නම් දේවල් තියෙනවාද කියලා අපිට තේරෙයි.”—ජෙරමි.

ෂෙල්බි

“යෙහෝවා දෙවියන්ට ස්තුති කරන තරමට ඔහු ගැන අපේ හිතේ තියෙන අගය වැඩි වෙනවා. ඒ වගේම අපිට තියෙන ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතහිත ඉන්නවා වෙනුවට අපිට ලැබිලා තියෙන හොඳ දේවල් ගැන හිතන්න ඒක උදව් වෙනවා.”—ෂෙල්බි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න