ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 29 ලිපිය
  • සාන්තුවරුන්ට යාච්ඤා කරන්න ඕනෙද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාන්තුවරුන්ට යාච්ඤා කරන්න ඕනෙද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • ඔබත් සාන්තුවරුන්ට යාච්ඤා කරනවද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාන්තුවරුන්ට යාච්ඤා කිරීම සුදුසුද?
    2010 පිබිදෙව්!
  • ඔබට පිහිට වෙන්න සැබෑ සාන්තුවරයන්ට හැක්කේ කෙසේද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 29 ලිපිය

සාන්තුවරුන්ට යාච්ඤා කරන්න ඕනෙද?

බයිබලයේ ඒ ගැන කියන දේ

නැහැ. බයිබලයේ පැහැදිලිවම කියන්නේ අපි යාච්ඤා කරන්න ඕන දෙවියන්ට විතරක් කියලයි. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “නුඹලා මෙසේ යාච්ඤාකරන්න:—ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා.” (මතෙව් 6:9, ශුද්ධ බයිබලය—පැරණි අනුවාදය) යේසුස් ඔහුගේ ගෝලයන්ට කවදාවත් කිව්වේ නැහැ තමාටවත් සාන්තුවරුන්ටවත් දේවදූතයන්ටවත් යාච්ඤා කරන්න කියලා. හැබැයි අපි දෙවිට කරන යාච්ඤා ඔප්පු කරන්න ඕන යේසුස් මාර්ගයෙන්.

යේසුස් එක අවස්ථාවක මෙහෙම කිව්වා. “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.” (යොහන් 14:6, පැ.අ.) අපි වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්න දෙවියන් කිසිම සාන්තුවරයෙක්ව පත් කරලා නැහැ. එහෙම කරන්න දෙවියන් පත් කරලා තියෙන්නේ යේසුස්ව විතරයි.—හෙබ්‍රෙව් 7:25.

දෙවියන්ට යාච්ඤා කරන ගමන්ම සාන්තුවරුන්ට යාච්ඤා කරන එක වැරදිද?

දෙවියන් දසපනතේ මෙහෙම කියලා තියෙනවා. “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, . . . දෙවිකෙනෙක්ය.” (නික්මයාම 20:5, 6, පැ.අ.) අපි සැබෑ දෙවියන්ට හැර වෙන කිසිම කෙනෙක්ට නමස්කාර කරනවාට හෝ යාච්ඤා කරනවාට දෙවියන් කැමති නැහැ කියලා ඒකෙන් තේරෙනවා.—යෙසායා 48:11.

අපි සාන්තුවරුන්ට හරි දේවදූතයන්ට හරි යාච්ඤා කරනවා නම් ඒ ගැන දෙවියන් සතුටු වෙන්නේ නැහැ. යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන් එක අවස්ථාවක දේවදූතයෙක් ඉදිරියේ වැඳ වැටුණාම ඒ දේවදූතයා ඔහුට මෙහෙම කිව්වා. “එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න.”—එළිදරව් 19:10, පැ.අ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න