ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 1 පරි. 10 පි.-11 පි. 8 ¶
  • දෙවිගෙන් ලැබුණු පණිවිඩ දෙකක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගෙන් ලැබුණු පණිවිඩ දෙකක්
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ස්වර්ගයෙන් පණිවුඩ
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • නිර්දෝෂීව ගමන් කිරීම නිසා ඔවුහු විපාක ලැබූහ
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මාර්ගය සූදානම් කරන්නා ඉපදෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 1 පරි. 10 පි.-11 පි. 8 ¶
ගාබ්‍රියෙල් සෙකරියා ඉදිරියේ පෙනී සිටියි; එලිසබෙත් ගැබ් ගනියි[11වන පිටුවේ පින්තූරය]

1වෙනි පරිච්ඡේදය

දෙවිගෙන් ලැබුණු පණිවිඩ දෙකක්

ලූක් 1:5-33

  • ගාබ්‍රියෙල් දේවදූතයා යොහන් බව්තීස්තගේ උපත ගැන දැනුම් දෙයි

  • ගාබ්‍රියෙල් දේවදූතයා යේසුස්ගේ උපත ගැන මරියාට දැනුම් දෙයි

සම්පූර්ණ බයිබලයම අපිට දෙවිගෙන් ලැබිලා තියෙන පණිවිඩයක් විදිහට සලකන්න පුළුවන්. අපේ ස්වර්ගික පියාණන් ඒක දීලා තියෙන්නේ අපිට අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දෙන්න. “දෙවි ඉදිරියෙහිම” ඉන්න ගාබ්‍රියෙල් දේවදූතයා මීට අවුරුදු 2,000කටත් වඩා වැඩි කාලයකට කලින් දැනුම් දීපු විශේෂ පණිවිඩ දෙකක් ගැන දැන් අපි බලමු.—ලූක් 1:19.

ගාබ්‍රියෙල් ඒ පණිවිඩ දෙක දැනුම් දුන්නේ ක්‍රි.පූ. 3වෙනි අවුරුද්දේදියි. ඔහු මුල්ම පණිවිඩය දැනුම් දෙන්නේ යෙහෝවා දෙවිගේ පූජකයෙක් විදිහට සේවය කරපු සෙකරියාට. ඔහු ජීවත් වුණේ යෙරුසලමට නුදුරින් පිහිටි යූදා කඳුකරයේ. ඔහු සහ ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ඉන්නේ මහලු වයසේ වුණත් ඔවුන්ට දරුවන් නැහැ. යෙරුසලමේ තියෙන දේවමාලිගාවට ගිහින් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීමේ වාරය දැන් ලැබිලා තියෙන්නේ සෙකරියාට. ඔහු දේවමාලිගාවට ගියාම සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය ළඟට ඇවිත් හිටිය ගාබ්‍රියෙල් දේවදූතයාව ඔහු දකිනවා.

සෙකරියා බයෙන් ඉන්න බව තේරුම්ගන්න ගාබ්‍රියෙල් ඔහුව සන්සුන් කරමින් “සෙකරියා, බිය නොවන්න. ඔබ කළ කන්නලව්වලට දෙවි සවන් දී තිබෙනවා” කියා පවසනවා. ඉන්පසුව දෙවිගෙන් ලැබුණු පණිවිඩය ගැන ඔහු සෙකරියාට මෙහෙම දැනුම් දෙනවා. ‘ඔබේ බිරිඳ වන එලිසබෙත්ට පුතෙක් ලැබෙයි. ඔහුට යොහන් යන නම තබන්න. යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි. ඔහුගේ පැවරුම වන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන් සෙනඟක් සූදානම් කිරීමයි.’—ලූක් 1:13-17.

සෙකරියා අතින් සංඥා කරමින් යම් දේවල් පවසනවා

සෙකරියා සහ එලිසබෙත් ඉන්නේ මහලු වයසේ නිසා ගාබ්‍රියෙල් කියපු දේ සෙකරියා විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ගාබ්‍රියෙල් ඔහුට මෙහෙම කියනවා. “ඔබ මගේ වචන විශ්වාස නොකළ නිසා මා පැවසූ දේවල් ඉටු වන දවස දක්වා ඔබට කතා කරන්න බැරි වෙයි.”—ලූක් 1:20.

ඒ අතරතුරේදී සෙකරියා මේ තරම් ප්‍රමාද වෙන්නේ ඇයි කියා මිනිසුන් කල්පනා කරනවා. අන්තිමේදී සෙකරියා දේවමාලිගාවෙන් එළියට එනවා. ඒත් ඔහුට කතා කරන්න බැහැ. ඔහු අතින් සංඥා කරමින් තමයි යම් දේවල් පවසන්නේ. ඒ නිසා දේවමාලිගාවේදී ඔහු ආශ්චර්යවත් දර්ශනයක් දකින්න ඇති කියලා මිනිසුන් තේරුම්ගන්නවා.

දේවමාලිගාවේදී තමන්ට නියම වෙලා තිබුණු වගකීම ඉටු කළාට පස්සේ සෙකරියා තමන්ගේ නිවසට යනවා. වැඩි දවසක් යන්න කලින් දේවදූතයා කියපු විදිහටම එලිසබෙත් ගැබ් ගන්නවා. ඒ නිසා එලිසබෙත් මාස පහක්ම මිනිසුන්ව ආශ්‍රය කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා.

ගාබ්‍රියෙල් මරියා ඉදිරියේ පෙනී සිටියි

ගාබ්‍රියෙල් තවත් පණිවිඩයක් අරන් එනවා. මේ වතාවේදී ඔහු පැමිණෙන්නේ ගලීලයේ නාසරෙත් නම් නුවරේ ඉන්න මරියාව මුණගැහෙන්නයි. කන්‍යාවක් වන ඇයට ගාබ්‍රියෙල් මෙහෙම කියනවා. ‘ඔබ දෙවිගේ ආශීර්වාදය ලැබූ තැනැත්තියක්. ඔබේ කුසේ දරුවෙක් පිළිසිඳගනියි. ඔබට බිහි වෙන්නේ පුතෙක්. ඔහුට යේසුස් යන නම තබන්න. ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි. යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.’—ලූක් 1:30-33.

දෙවිගෙන් ලැබුණු එම පණිවිඩ දෙක දැනුම් දෙන්න තමන්ට ලැබුණු අවස්ථාව ගැන ගාබ්‍රියෙල් මොන තරම් සතුටු වෙන්න ඇද්ද! යොහන් සහ යේසුස් ගැන තව තොරතුරු ඉගෙනගද්දී ඔහු පැවසූ ඒ පණිවිඩ දෙකේ තියෙන වැදගත්කම හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන්.

  • දෙවිගෙන් ලැබුණු වැදගත් පණිවිඩ දෙක දැනුම් දුන්නේ කවුද?

  • ඒ පණිවිඩ දැනුම් දුන්නේ කාටද?

  • ඒ පණිවිඩ දෙක විශ්වාස කරන්න ලේසි වුණේ නැත්තේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න