ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 4/15 32 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පූජකයන්ගේ ඇඳුම්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 4/15 32 පි.
යොෂියා රජ තම වස්ත්‍ර ඉරාගනිමින්

ඔබ දැන සිටියාද?

අතීතයේදී කෙනෙක් තමන්ගේ වස්ත්‍ර ඉරාගත්ත එකෙන් අදහස් කළේ මොකක්ද?

සමහර පුද්ගලයන් ඔවුන්ගේ ඇඳුම් ඉරාගත්ත අවස්ථා ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ විදිහට ඇඳුම් ඉරාගන්න එක අද ඉන්න අයට අමුතු දෙයක් වගේ පෙනුණත් ඒ කාලේ හිටපු යුදෙව්වන්ට ඒක සාමාන්‍ය දෙයක්. ඔවුන්ට දැනුණ දුක, ලැජ්ජාව, බලාපොරොත්තු කඩවීම, කේන්තිය වගේ හැඟීම් පෙන්නන්නත් කෙනෙක්ගේ මරණය ගැන වැලපෙද්දිත් ඔවුන් එහෙම කළා. ඒ වගේ අවස්ථා කීපයක් දැන් අපි බලමු.

යෝසෙප්ව බේරගන්න රූබෙන් යොදපු සැලැස්ම අසාර්ථක වුණ නිසාත් යෝසෙප්ව වහලෙක් විදිහට විකුණුව නිසාත් රූබෙන් ‘තම වස්ත්‍ර ඉරාගත්තා.’ ඒ වගේම යෝසෙප්ව වනසතෙක් මරලා දාන්න ඇති කියලා දැනගත්තම යාකොබ් ‘තම වස්ත්‍ර ඉරාගත්තා.’ (උත්. 37:18-35) තමන්ගේ දරුවන් මිය ගියා කියන ආරංචිය ලැබුණම යෝබ් “තම සළුව ඉරාගත්තා.” (යෝබ් 1:18-20) “වස්ත්‍ර ඉරාගෙන” උත්තම පූජක ඒලී ළඟට ආව පණිවිඩකරුවෙක් ඊශ්‍රායෙල්වරු සටනින් පැරදුණා කියලත් ඒලීගේ පුතුන් දෙදෙනා මිය ගියා කියලත් ගිවිසුම් පෙට්ටිය සතුරන් පැහැරගත්තා කියලත් දැනුම් දුන්නා. (1 සාමු. 4:12-17) දෙවිගේ නීතිය කියවද්දී ඒකට සවන් දුන්න යොෂියා තම සෙනඟ කරපු වැරදි ගැන තේරුම්ගත්ත නිසා “තම වස්ත්‍ර ඉරාගත්තා.”—2 රාජා. 22:8-13.

යේසුස් සම්බන්ධ නඩුව විභාග කරද්දී යේසුස් දේවඅපහාසයක් කළා කියලා තීරණය කරපු උත්තම පූජක කායෆස් ‘තම පිට වස්ත්‍ර ඉරාගත්තා.’ (මතෙ. 26:59-66) රබ්බිවරුන්ගේ නීතියේ සඳහන් වුණ විදිහට දෙවිගේ නමට අපහාස කරනවා යම් කෙනෙකුට ඇහුණොත් ඒ කෙනා තමන්ගේ වස්ත්‍ර ඉරාගත යුතු වුණා. ඒත් දේවමාලිගාවේ විනාශයෙන් පස්සේ ඔවුන්ගේ ඒ අදහස වෙනස් වුණා. “දෙවිගේ නමට අපහාස කරනවා කෙනෙක්ට ඇහුණට ඔහු තමන්ගේ වස්ත්‍ර ඉරාගන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව ඒ විදිහට වස්ත්‍ර ඉරාගන්න ගියොත් අන්තිමට කෙනෙක්ට ඉතුරු වෙන්නේ වැරහැලි විතරයි” කියා ඔවුන් පැවසුවා.

ඇත්තටම කෙනෙක් අවංකවම දුක් වෙන්නේ නැතුව තමන්ගේ වස්ත්‍ර ඉරාගන්න එක දෙවි ඉදිරියේ කිසිම වටිනාකමක් නැති දෙයක්. ඒ වෙනුවට දෙවි තම සෙනඟට කිව්වේ “ඔබේ වස්ත්‍ර නොව සිත ඉරාගෙන ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න” කියලයි.—යෝවෙ. 2:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න