ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 11/1 15 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සත්‍යය තුළ හවුල් වැඩකරුවන් මෙන් හැසිරෙන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තර්තියස් පාවුල්ගේ විශ්වාසවන්ත ලේකම්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 11/1 15 පි.

ඔබ දැන සිටියාද?

බයිබලය ලියැවුණු කාලයේදී භාවිත කළේ මොන වගේ පෑන්ද?

ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි සියවසේදී පමණ ඊජිප්තුවේදී භාවිත කළ බට පෑන්

යොහන් ලියූ එක් ලිපියක මෙසේ පවසා තිබෙනවා. “ඔබට කීමට මට බොහෝ දේ තිබුණත් තීන්තෙන් සහ පෑනෙන් ඔබට තවදුරටත් ඒ ගැන ලිවීමට නොකැමැත්තෙමි.”—3 යොහන් 13.

පුරාණයේ සිටි පිටපත් කරන්නන් ලිවීම සඳහා භාවිත කර තිබෙන්නේ පුංචි බට පඳුරකින් ගත් බටයක්. ඔවුන් එහි එක් පැත්තක් උලට සිටින ලෙස හරහට කපා උල පමණක් මැදින් පැලුවා. එහි උල් පැත්ත විටින් විට ගලකින් උල් කරගැනීමටද හැකියාව තිබුණා. එම පෑන අද භාවිත කරන තීන්ත පෑනකට සමානයි.

බොහෝවිට එම තීන්ත සාදාගත්තේ දැලි සහ මැලියම් වර්ගයක් මිශ්‍ර කිරීමෙනුයි. එය විකුණුවේ වියළි ද්‍රව්‍යයක් ලෙස නිසා ඒවා භාවිතයට පෙර එයට වතුර ස්වල්පයක් එකතු කරගැනීමට සිදු වුණා. එම තීන්තවල මැලියම් ගතියක් තිබුණ නිසා ඒවා යොදාගෙන කඩදහියක හෝ සම් ලියවිල්ලක ලියද්දී තීන්ත ඉක්මනින් උරාගත්තේ නැහැ. ඒ නිසා ලිවීමේදී යම් වරදක් වුණොත් වතුරෙන් තෙත් කළ ස්පොන්ජියක් හා සමාන දෙයකින් ලෙහෙසියෙන්ම මකා දැමීමට හැකියාව තිබුණා. එවැනි දෙයක් පිටපත් කරන්නන් ළඟ අනිවාර්යයෙන්ම තිබුණා. දෙවිට විරුද්ධව පව් කර තිබෙන අයගේ නම් දෙවි තම ලියවිල්ලෙන් මකා දමනවා කියා පැවසීමේදී බයිබල් ලේඛකයන්ගේ මනසේ තියෙන්න ඇත්තේ මොකක්ද කියා එයින් පැහැදිලි වෙනවා.—නික්මයාම 32:32, 33; එළිදරව් 3:5.

පාවුල් හැදුවේ මොන වගේ කූඩාරම්ද?

කූඩාරම් මැසීමට ක්‍රි.ව. පළමුවන හා දෙවන සියවස්වල භාවිත කළ උපකරණ

පාවුල් රැකියාව ලෙස කළේ කූඩාරම් සෑදීම බව ක්‍රියා 18:3හි සඳහන් වෙනවා. ඒ කාලයේ සිටි කූඩාරම් සාදන්නන් ඔටුවන්ගේ හෝ එළුවන්ගේ ලොම් ගෙන රෙදි වියාගත්තා. පසුව ඒවායින් කූඩාරම් මැසුවා. ඒ කාලේදී බොහෝ කූඩාරම් සෑදුවේ සත්ව හම් යොදාගෙන. තවත් අය ඒ සඳහා ලිනන් රෙදිද යොදාගත්තා. පාවුල් හැදී වැඩුණු ටාසස් නගරයේ ලිනන් කර්මාන්ත ශාලාවක් තිබුණ නිසා පාවුල්ටත් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඇති. ඔහු අකිලා සමඟ වැඩ කළ කාලයේදී නිවෙස් හිරු එළියෙන් ආවරණය කිරීමට තිබූ ඇතිරිලිත් සාදන්න ඇති.

පෙනෙන විදිහට පාවුල් යෞවන කාලයේ සිටම කූඩාරම් සාදන්න ඇති. ඊජිප්තුවෙන් සොයාගත් පැපිරස් ලියවිලිවලින් හෙළි වී තිබෙන්නේ රෝම පාලනය පැවති කාලයේදී ඊජිප්තුවේ සිටි දරුවන් වයස අවුරුදු 13 සිටම යම් වෘත්තිය පුහුණුවක් ලබාගත් බවයි. පාවුල් එම වයසේදීම කූඩාරම් සෑදීමට ඉගෙනගත්තා නම් අවුරුදු දෙකක් හෝ තුනක් ඇතුළත ඔහු ඒ ක්ෂේත්‍රය ගැන මනා අවබෝධයක් ලබා ගන්න ඇති. ‘එහෙම වුණා නම් පාවුල්ට කූඩාරම් සෑදීමට ඔහුටම කියා උපකරණ කට්ටලයක් තියෙන්න ඇති. ඒ සඳහා යොදාගත් පිහි සහ විදින කටු තම වෘත්තිය කරගෙන යාමට පාවුල්ට උපකාරවත් වෙන්න ඇති’ කියා එක් පොතක සඳහන් වුණා.—The Social Context of Paul’s Ministry.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න