ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ඔක්තෝබර් 32 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වචනේ වෙනස් නොකරන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපගේ පාඨකයන්ගෙන්
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ඔක්තෝබර් 32 පි.

ඔබ දැන සිටියාද?

දිවුරුම් දෙන එක යේසුස් හෙළාදැක්කේ යුදෙව්වන් මොකක් කරන්න පුරුදු වෙලා හිටිපු නිසාද?

දේවමාලිගාවේදී කෙනෙක් දිවුරුමක් දෙමින්

මෝසෙස්ට දුන්න නීතියට අනුව යම් දේවල් ගැන දිවුරන්න අවසර තිබුණා. ඒත් යේසුස්ගේ කාලේ වෙද්දී දිවුරන එක යුදෙව්වන්ට හරිම සාමාන්‍ය දෙයක් වුණා. කොච්චරද කියනවා නම් එයාලා එදිනෙදා ජීවිතේදී කියපු හැම පුංචි දෙයක් ගැනම දිවුරන්න පුරුදු වෙලා හිටියා. කෙනෙක් කියන දෙයක් ඇත්ත කියලා ඔප්පු කරන්නයි එහෙම කළේ. ඒත් යේසුස් දෙපාරක්ම ඒ පුරුද්ද හෙළාදැක්කා. ඔහු කිව්වේ “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්” කියලයි.—මතෙ. 5:33-37; 23:16-22.

යුදෙව් පොතක් වන තල්මුඩයේ බැරෑරුම් දිවුරුම් මොනවාද නැති ඒවා මොනවාද කියලා ලැයිස්තුගත කරලා තිබුණා. එක පොතක කියන්නේ “කියන හැම දේ ගැනම දිවුරන්න යුදෙව්වන් කොච්චර නැඹුරු වෙලා ඉන්න ඇද්ද” කියලා තල්මුඩයේ තියෙන ඒ තොරතුරුවලින් තේරෙනවා කියලයි.—Theological Dictionary of the New Testament.

දිවුරන පුරුද්ද හෙළාදැක්කේ යේසුස් විතරක් නෙමෙයි. උදාහරණෙකට යුදෙව් ඉතිහාසඥයෙක් වන ෆ්ලේවියස් ජොසීෆස් එක යුදෙව් කණ්ඩායමක් ගැන මෙහෙම ලිව්වා. “මොනවා හරි දෙයක් කියලා ඒ ගැන දිවුරන එක බොරු සාක්ෂි දෙනවාටත් වඩා අන්තයි කියලා එයාලා විශ්වාස කළා. ඒ නිසා එයාලා දිවුරුවේ නැහැ. එයාලා කිව්වේ දෙවියන්ගේ නාමයෙන් කෙනෙක්ගෙන් දිවුරුමක් ගන්නේ එයා ගැන විශ්වාසයක් නැති නිසා කියලයි.” යුදෙව් ලියවිල්ලක් වන උපදේශකයා හෙවත් සිරාක් පොතේ 23:11 මෙහෙම කියනවා. “අධික ලෙස දිවුරන්නා අයහපතින් පිරී සිටින්නේය.” එහෙමනම් අපිට තේරෙනවා යේසුස් හෙළාදැක්කේ හැම පුංචි දේකටම දිවුරන එකයි කියලා. අපි හැම වෙලේම ඇත්ත කතා කරනවා නම් අපි කියන්නේ ඇත්තමයි කියලා දිවුරන්න ඕනෙ වෙන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න