ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 12/1 16 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අවිවාහක වුවත් ගැබිනි මවක්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආදර්ශවත් පියෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 12/1 16 පි.

ඔබ දැන සිටියාද?

ඔගස්ටස් සීසර්ගේ කාලයේදී සිදු වූ ලියාපදිංචි කිරීම කුමක්ද?

තම අධිරාජ්‍යය යටතේ සිටින සියලුදෙනාම ලියාපදිංචි විය යුතුයි කියා ඔගස්ටස් සීසර් නියෝගයක් නිකුත් කළා. ඉන්පසු සිදු වූ දේ බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “සියලුදෙනාම ලියාපදිංචි වන පිණිස තම තමාගේ නුවරට ගමන් කළෝය.” (ලූක් 2:1-3) යේසුස්ව රැකබලා ගත් පියා වූ යෝසෙප්ගේ උපන් ගම වූයේ බෙත්ලෙහෙමයි. එමනිසා ඔහු ගැබ්ගෙන සිටි මරියාවත් රැගෙන ලියාපදිංචි වීම සඳහා බෙත්ලෙහෙමට ගියා. බෙත්ලෙහෙමේදී යේසුස්ගේ උපත සිදු වීමට මඟ සැලසුණේ ඒ ආකාරයටයි. මෙවැනි ලියාපදිංචි කිරීම් නිසා බදු අය කිරීම සහ මිනිසුන්ව හමුදාවට බඳවාගැනීම රජයට පහසු වුණා.

රෝමවරුන් තම යටත්වැසියන්ව ලියාපදිංචි කිරීමට පුරුදු වන්න ඇත්තේ ඊජිප්තුවරුන්ගෙන් කියා ඇතැම් විශාරදයන් විශ්වාස කරනවා. ඊට හේතුව ක්‍රිස්තු පූර්ව 30දී රෝමවරුන් ඊජිප්තුව යටත් කරගන්නා විට ඊජිප්තුවරුන් තම යටත්වැසියන්ව ලියාපදිංචි කිරීමේ ක්‍රමය අනුගමනය කරමින් සිටීමයි. ඉන්පසු රෝමවරුන්ද තම පාලන ප්‍රදේශවල සිටි මිනිසුන්ව ලියාපදිංචි කිරීමට පියවර ගත්තා.

ඊට කදිම සාක්ෂියක් වන්නේ ඊජිප්තුව පාලනය කළ රෝම ආණ්ඩුකාරයෙක් තම යටත්වැසියන්ට ලියාපදිංචි වන්න කියා නිකුත් කළ නියෝගයක පිටපතයි. එම පිටපත බ්‍රිතාන්‍ය පුස්තකාලයේ දැකිය හැකියි. ක්‍රිස්තු වර්ෂ 104දී පිළියෙල කරන ලද එම පිටපතේ මෙසේ සඳහන් වෙනවා. “ඊජිප්තුවේ ආණ්ඩුකාරයා වන ගායස් විබියස් මැක්සිමස් මෙසේ පවසයි. සියලුදෙනාටම ලියාපදිංචි වීම සඳහා කාලය පැමිණ තිබෙනවා. එමනිසා ප්‍රදේශයෙන් පිට වී ජීවත් වන අය පවා ලියාපදිංචි වීමට නැවත තම ගම් බිම් බලා පැමිණිය යුතුයි. තම තමන්ගේ කෙත්වතු අස්වැද්ද වීමට මෙයින් හැකියාව ලැබෙනවා.”

මරියා සමඟ විවාහ ගිවිසගෙන සිටියත් දික්කසාද ලියවිල්ලක් දී ඇයව අත්හැරීමට යෝසෙප් තීරණය කළේ ඇයි?

මරියා ගැබ්ගෙන ඇති බව යෝසෙප් දැනගන්නා විට ඔවුන් දෙදෙනා “විවාහ ගිවිසගෙන සිටියා.” නමුත් ඇය ගැබ්ගෙන තිබෙන්නේ යෙහෝවා ‘දෙවිගේ බලයෙන්’ බව යෝසෙප් දැන සිටියේ නැහැ. සමහරවිට මරියා ගැබ්ගෙන ඇත්තේ තමාට ද්‍රෝහි වීමේ ප්‍රතිඵලයක් ලෙස කියා යෝසෙප් සිතන්න ඇති. ඒ නිසා ඇයව දික්කසාද කිරීමට ඔහු තීරණය කළා.—මතෙව් 1:18-20.

එදා යුදෙව් සමාජය තුළ විවාහ ගිවිසගැනීම සැලකුවේ ඉතා බැරෑරුම් දෙයක් ලෙසයි. ඒ නිසා විවාහ ගිවිසගෙන සිටි දෙදෙනෙකුව සැලකුවේ විවාහකයන් ලෙසයි. නමුත් විවාහ චාරිත්‍ර සිදු වන තුරු ඔවුන් විවාහකයන් ලෙස එකට ජීවත් වුණේ නැහැ. පුරුෂයාගේ අකමැත්ත නිසා හෝ වෙනත් හේතුවක් නිසා විවාහ ගිවිසගෙන සිටි දෙදෙනෙක් අතර විවාහය සිදු නොවුණොත් දික්කසාද ලියවිල්ලක් නොමැතිව එම කාන්තාවට වෙනත් විවාහයක් කරගැනීමට නිදහස ලැබුණේ නැහැ. එමෙන්ම විවාහ ගිවිසගෙන සිටි පුරුෂයා හදිසියේ මිය ගියොත් ඇයව සලකනු ලැබුවේ වැන්දඹුවක් ලෙසයි. ඊට අමතරව විවාහ ගිවිසගෙන සිටි කාන්තාව වෙනත් පුරුෂයෙකු සමඟ අනාචාරයේ යෙදුණා නම් එය බරපතළ වරදක් වූ අතර ඇයට මරණ දණ්ඩනය හිමි වුණා.—ද්විතීය කතාව 22:23, 24.

තමා සමඟ විවාහ ගිවිසගෙන සිටි මරියා ගැබ්ගෙන ඇති බව අන් අය දැනගත්තා නම් ඇයට මොන තරම් ලැජ්ජාවකට මුහුණ දෙන්න සිදු වෙයිද කියා යෝසෙප් කල්පනා කරන්න ඇති. මේ කාරණය අදාළ බලධාරීන්ට දැනුම් දිය යුතු බව ඔහු දැන සිටියත් මරියාව ආරක්ෂා කිරීමට ඔහුට අවශ්‍ය වූ නිසා ඇයට දික්කසාද වීමේ පත්‍රයක් දී රහසින්ම ඇයව දික්කසාද කිරීමට ඔහු තීරණය කළා. සාමාන්‍යයෙන් එදා සමාජය තුළ දරුවෙකු සිටින මවක් ළඟ මෙවැනි දික්කසාද පත්‍රයක් තිබීමෙන් පෙන්නුම් කළේ ඇය කලින් විවාහ වී සිටි බවයි.

[16වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුව පාලනය කළ රෝම ආණ්ඩුකාරයා ක්‍රිස්තු වර්ෂ 104දී නිකුත් කළ නියෝගයේ පිටපත

[හිමිකම් විස්තර]

© The British Library Board, all rights reserved (P.904)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න