“ඉතා හොඳ” පරිවර්තනයක්
වර්ෂ 1952 සිට 1990 දක්වා කාලය අතරතුරේදී ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පරිවර්තන 55ක් ප්‍රකාශයට පත් කර තිබෙන බව එක්තරා කණ්ඩායමක් ගණනය කර තිබෙනවා. පරිවර්තකයන් තෝරගන්න වචන එකිනෙකට වෙනස් නිසා පරිවර්තන දෙකක් කවදාවත් එක සමාන වන්නේ නැහැ. අමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ, ෆ්ලෑග්ස්ටාෆ්හි පිහිටි උතුරු ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ආගමික අධ්‍යාපනය සඳහා සහයක මහාචාර්යවරයෙකු වන ජේසන් බිඩූන්, පරිවර්තනයක විශ්වසනීයත්වය මැන බැලීම සඳහා ප්‍රධාන පරිවර්තන අටක නිරවද්‍යතාව පරීක්ෂා කර බැලුවා. මෙම පරිවර්තන අටට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයද ඇතුළත් වුණා. ප්‍රතිඵලය කුමක් වූවාද?
එහි පරිවර්තකයන් තෝරාගෙන තිබුණ සමහර වචනවලට බිඩූන් එකඟ නොවූවත්, නව ලොව පරිවර්තනය “ඉතා හොඳ” පරිවර්තනයක් බවත්, පරීක්ෂා කරනු ලැබූ සමහර පරිවර්තනවලට වඩා “උසස්” සහ “අභ්‍යන්තර අනුකූලතාව අතිනුත් හොඳ පරිවර්තනයක්” බවත් ඔහු පැවසුවා. සමස්තයක් වශයෙන් ගත් කල නව ලොව පරිවර්තනය “නව ගිවිසුමේ ඉංග්‍රීසි පරිවර්තන අතරින් දැනට ලබාගත හැකි වඩාත්ම නිවැරදි පරිවර්තනවලින් එකක්” බවත් “සංසන්දනය කරන ලද පරිවර්තන අතරින් වඩාත්ම නිවැරදි එක” බවත් බිඩූන් අවසානයේදී පැවසුවා.—ටෘත් ඉන් ට්‍රාන්ස්ලේෂන්: ඇක්‍යුරසි ඇන්ඩ් බයස් ඉන් ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලේෂන්ස් ඔෆ් ද නිව් ටෙස්ටමන්ට්.
බිඩූන් දුටු තවත් කාරණයක් වන්නේ “බයිබලයේ තිබෙන දේවල් නවීන දින පාඨකයන් ආශා කරන විදිහට පැවසීමේ හෝ එයට අමතර යමක් එකතු කිරීමේ” බලපෑමට බොහෝ පරිවර්තකයන් හසු වූ බවයි. නව ලොව පරිවර්තනය ඊට වඩා වෙනස් බව බිඩූන් පැවසුවා. ඊට හේතුව “නව ලොව පරිවර්තනය වනාහි නව ගිවිසුමේ ලේඛකයන් ප්‍රකාශ කළ අදහස් වචනයෙන් වචනයට අර්ථ දක්වමින් සුපරීක්ෂාකාරී ලෙස කරන ලද පරිවර්තනයක් නිසා එම පරිවර්තනය නිරවද්‍යතාව අතින් ඉතා ඉහළ” තත්වයක තිබීමයි.
මුල් භාෂාවෙන් ලියවුණු ශුද්ධ ලියවිල්ල දැන් භාවිතයේ තිබෙන භාෂාවලට පරිවර්තනය කිරීම ඉතා බාර දූර වගකීමක්. නව ලොව බයිබල් පරිවර්තන කමිටුව ඔවුන්ගේ කෘතියේ පෙරවදනේ මෙහෙම පවසනවා. “ශුද්ධ ලියවිල්ලේ දිව්‍ය කර්තෘට ප්‍රේම කරන මේ කෘතියේ පරිවර්තකයන්ට, ඔහුගේ අදහස් සහ ප්‍රකාශයන් හැකි තරම් නිවැරදිව ඉදිරිපත් කිරීමේ විශේෂ වගකීමක් ඔහු ඉදිරියේ තමන්ට ඇති බව හැඟේ.”
ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය මුල් වතාවට ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරනු ලැබුවේ 1961දීයි. දැන් එය භාෂා 32කින් ලබාගත හැකි අතර භාෂා දෙකක් බ්‍රේල්වලින් ලබාගත හැකියි. තවද ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය හෙවත් “නව ගිවිසුම” සිංහල ඇතුළුව භාෂා 18කින් ලබාගත හැකියි. තවත් භාෂාවක් බ්‍රේල්වලින්ද ලබාගත හැකියි. අප ඔබට ආරාධනා කරන්නේ ඔබ දේවවචනය කියවන විට ඔබේම භාෂාවෙන් ලබාගත හැකි මෙම නවීන මෙන්ම “ඉතා හොඳ” පරිවර්තනය භාවිත කරන ලෙසටයි.