නිවැරදි ඉතිහාසය ගැන සඳහන් පොතක්
‘මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව මම සනාථ කරගත්තා.’—ලූක් 1:3.
බයිබලය අද්විතීය වන්නේ ඇයි? බොහෝ ඉතිහාස කතාවල යම් සිද්ධීන් සඳහන් කරන විට එය සිදු වූ ස්ථාන සහ දින ආදි දේවල් ගැන වාර්තා කරන්නේ නැහැ. නමුත් බයිබලයේ යම් සිද්ධීන් වාර්තා කරන විට ඊට අදාළ සෑම තොරතුරක්ම නිවැරදිව සඳහන් කර තිබෙනවා. ඒ නිසා ඒවා “සත්‍ය” තොරතුරු කියා පැවසිය හැකියි.—ගීතාවලිය 119:160.
උදාහරණයක්: බයිබලයේ සඳහන් මෙම වාර්තාව බලන්න. ‘බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්, යූදාහි රජ වූ යෙහෝයාකින්ව බැබිලෝනියට රැගෙන ගියා.’ ඔහුට පසුව බැබිලෝනියේ රජ බවට පත් වුණේ එවිල්-මෙරොදක්. ඔහු රජ බවට පත් වූ වසරේදීම යෙහෝයාකින්ට අන් සිරකරුවන්ට වඩා වැඩි නිදහසක් දුන්නා. ‘යෙහෝයාකින් මිය යන තෙක්ම දිනපතා රජුගේ භෝජනයෙන් පංගුවක් ඔහුට ලැබුණා.’—2 රාජාවලිය 24:11, 15; 25:27-30.
එම තොරතුරු සැබෑද? බැබිලෝනියේ නටඹුන් අතරින් නෙබුකද්නෙෂර් රජුගේ කාලයට අයත් තොරතුරු පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. සිරකරුවන්ට සහ වෙනත් අයට ලබා දුන් උපකාර ගැන එහි සඳහන් වෙනවා. යූදාහි රජු වූ යෙහෝයාකින් ගැනත් ඔහු සමඟ සිටි අය ගැනත් එහි වාර්තා කර තිබෙනවා. “නෙබුකද්නෙෂර් රජුගේ පුත්‍රයා වන ආමෙල් මාර්ඩුක් රජුගේ [එවිල්-මෙරොදක්] මාලිගාව” ගැන සූසා නගරයෙන් සොයාගත් ලියවිල්ලක සඳහන් වෙනවා.
ඔබ සිතන්නේ කුමක්ද? ඉතිහාස තොරතුරු ඇතුළත් පොත් අතරින් නිවැරදි කාල වකවානු සහ පැහැදිලි තොරතුරු ඇතුළත් බයිබලයට සම කළ හැකි තවත් පොතක් තිබෙනවාද?
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“පුරාණයෙන් සොයාගෙන තිබෙන ලියවිලි අතරින් කාල වකවානු ගැන වඩාත් නිවැරදිව සහ තොරතුරු පැහැදිලිව සඳහන් කර තිබෙන්නේ බයිබලයේ පමණයි.”—A Scientific Investigation of the Old Testament යන පොත
[5වන පිටුවේ පින්තූරය]
යූදාහි රජු වන යෙහෝයාකින් ගැන සඳහන් බැබිලෝනියානු ලියවිල්ල
[හිමිකම් විස්තර]
© bpk, Berlin/Vorderasiatisches Museum, SMB/Olaf M. Tessmer/Art Resource, NY