ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 3 4-7 පි.
  • බයිබලය හැම අතින්ම නිවැරදියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය හැම අතින්ම නිවැරදියි
  • 2017 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විද්‍යාත්මකව නිවැරදියි
  • අනාවැකිවල ඇති නිවැරදිභාවය
  • ජීවිතයේ වැදගත්ම ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා
  • බයිබලයේ කර්තෘව හඳුනගන්න ඔයාටත් පුළුවන්
  • බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • ඔබ දැන සිටියාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • මැවුම්කරු ගැන පොතකින් ඔබට උගත හැක්කේ කුමක්ද?
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 3 4-7 පි.
බයිබලය කියවලා ඒ ගැන කල්පනා කරන කෙනෙක්

මුල් පිටුවෙන් | බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද?

බයිබලය හැම අතින්ම නිවැරදියි

විද්‍යාත්මකව නිවැරදියි

බයිබලය විද්‍යාව ගැන උගන්වන පොතක් නෙවෙයි. ඒත් ඒකේ තියෙන තොරතුරු විද්‍යාත්මකව නිවැරදියි. කාලගුණ විද්‍යාවෙනුත් ජාන විද්‍යාවෙනුත් ඒකට උදාහරණ බලමු.

ජල චක්‍රය

ජලය වාෂ්ප වීම, ඝනීභවනය වීම, ජලය පොළොවට ඇද හැළීම කියන අදියර තුන ජල චක්‍රයට අයිතියි

කාලගුණ විද්‍යාව

බයිබලයේ මෙහෙම කියනවා. “ඔහු [දෙවියන්] දිය බිඳු පොළොවෙන් ඉහළට ඇදගත් පසු පොළොවට වැසි වස්සවා පින්නද වැටෙන්න සලස්වන්නේය. වලාකුළුවලින් වැහි බිඳු වැටෙන්නේය.”—යෝබ් 36:27, 28.

ඒ පදවල විස්තර කරන්නේ ජල චක්‍රයේ අදියර තුන ගැන. (1) හිරු රශ්මියෙන් ජලය වාෂ්ප වෙලා ‘දිය බිඳු පොළොවෙන් ඉහළට ඇදගන්නවා.’ (2) ඝනීභවනය වෙන ඒ ජල වාෂ්පවලින් වලාකුළු හැදෙනවා. (3) ඒ වලාකුළුවල තියෙන ජලය වැස්ස, අයිස් කැට, හිම විදිහට පොළොවට ඇද හැළෙනවා. අදටත් කාලගුණ විද්‍යාඥයන්ට ජල චක්‍රය ගැන හැම තොරතුරක්ම තේරුම්ගන්න බැහැ. ‘වලාකුළු අහසේ අතුරා තිබෙන ආකාරය තේරුම්ගත හැක්කේ කාටද’ කියලා බයිබලයේ සඳහන් දේ කොච්චර ඇත්තක්ද! (යෝබ් 36:29) ජල චක්‍රයේ නිර්මාතෘ නම් ඒ හැම විස්තරයක්ම දන්නවා. ඔහු මිනිසෙක් ලවා ඒ තොරතුරු බයිබලයේ සඳහන් කළා. ඔහු ඒක කළේ විද්‍යාවෙන් ජල චක්‍රය ගැන හොයාගන්න හුඟක් කාලෙකට කලින්.

කලලයක වර්ධනය

කලලයක වර්ධනය

ජාන විද්‍යාව

බයිබල් ලේඛකයෙක් වුණු දාවිත්, දෙවියන්ට මෙහෙම කිව්වා. ‘මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.’ (ගීතාවලිය 139:16) දාවිත් පැහැදිලි කළේ මව් කුසේ කලලයක් හැදෙන්න කලින් ඒ ගැන හැම විස්තරයක්ම ‘ලියවිල්ලක’ සටහන් වෙලා තියෙනවා කියලයි. දාවිත් ඒ ගැන ලියලා තියෙන්නේ මීට අවුරුදු 3,000කට විතර කලින්.

ඒත් මිනිසුන් ජාන ගැන මූලික සිද්ධාන්ත මුලින්ම හොයාගත්තේ 1800 ගණන්වල මැදභාගයේ. ඒ ඔස්ට්‍රියාවේ උද්භිද විද්‍යාඥයෙක් වන ග්‍රෙගර් මෙන්ඩ්ල්. මිනිස් සිරුරක අවයව හැදෙන්න ඕන විදිහ ගැන ඇතුළත් ජෙනෝමයේ සැකැස්ම ගැන විද්‍යාඥයන්ට තොරතුරු හොයාගෙන අවසන් කරන්න පුළුවන් වුණේ 2003 අප්‍රියෙල් මාසයේදියි. මිනිස් සිරුර වර්ධනය වෙන්න ඕන විදිහ ගැන තොරතුරු අපේ ජානවල කොයි තරම් පිළිවෙළකට සකස් කරලා තියෙනවාද කියනවා නම් ඒක හරියට ශබ්දකෝෂයක වචන පිළිවෙළට සකස් කරලා තියෙනවා වගේ කියලා විද්‍යාඥයන් කියනවා. කලලයක මොළය, හදවත, පෙණහළු, අතපය වගේ අවයව නියමිත කාලයට වර්ධනය වෙන්නේ ජෙනෝමයේ තොරතුරුවලට අනුවයි. විද්‍යාඥයන් ජෙනෝමය හඳුන්වන්නේ “ජීවන ලියවිල්ල” විදිහටයි. දාවිත්ට ඒ තරම් නිවැරදිව තොරතුරු වාර්තා කරන්න පුළුවන් වුණේ කොහොමද? ඔහුම ඒ ගැන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවිගේ බලය, කතා කිරීමට මා පෙලඹුවේය. ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය.”a—2 සාමුවෙල් 23:2.

අනාවැකිවල ඇති නිවැරදිභාවය

අධිරාජ්‍යයක් නැත්නම් ආණ්ඩුවක් බලයට පත් වෙන්නේ කවදාද, ඒක පරාජය වෙන්නේ කවදාද, ඒක වෙන්නේ කොහොමද කියලා කලින්ම හරියටම කියන එක කරන්න බැරි දෙයක්. ඒත් බලවත් රාජ්‍යයන්ට සහ නගරවලට වුණු විනාශයන් ගැන විස්තර බයිබලයේ කල් ඇතුවම සඳහන් කරලා තියෙනවා. ඒ වගේ උදාහරණ දෙකක් බලමු.

බැබිලෝනියේ පරාජය සහ විනාශය

සියවස් ගණනාවක්ම බටහිර ආසියාවේ බලය පතුරුවාගෙන හිටපු අධිරාජ්‍යයක අගනුවර වුණේ බැබිලෝනියයි. එක කාලෙක ඒක තමයි ලෝකේ ලොකුම නගරය වුණේ. ඒත් බැබිලෝනිය යටත් කරගන්නවා කියලත් ඒක මිනිස් වාසයක් නැති තැනක් වෙනවා කියලත් ඊට අවුරුදු 200කට විතර කලින්ම බයිබල් ලේඛකයෙක් වුණු යෙසායා කිව්වා. ඒක යටත් කරගන්නේ සයිරස් රජු කියලත් ඔහු කිව්වා. (යෙසායා 13:17-20; 44:27, 28; 45:1, 2) ඒක ඒ විදිහටම වුණාද?

බැබිලෝනියේ නටබුන්

ඉතිහාසය

ක්‍රි.පූ. 539 ඔක්තෝබර් මාසේ දවසක මහා සයිරස් රජ බැබිලෝනිය යටත් කරගත්තා. කාලයත් එක්කම අවට දේශය සරුසාරවත් කළ ඇළ මාර්ග නොසලකාහැරිය නිසා ඒවා හිඳුණා. ක්‍රි.ව. 200 විතර වෙද්දී බැබිලෝනිය මිනිස් වාසයක් නැති තැනක් වෙලා තිබුණා. බයිබලයේ කිව්වා වගේම මේ වෙද්දී බැබිලෝනිය ‘නටබුන් බවට පත් වෙලා.’—යෙරෙමියා 50:13.

ඒ ගැන හරියටම කියන්න බයිබල් ලේඛකයාට පුළුවන් වුණේ කොහොමද? බයිබලයේ කියන්නේ ‘බැබිලෝනියට විරුද්ධව දුන් තීන්දුව ආමොෂ්ගේ පුත් යෙසායාට ලැබුණු දර්ශනයක්’ කියලයි.—යෙසායා 13:1.

නිනිවය “දිය පොදක් නැති පාළුකරයක්”

නිනිවය කියන්නේ ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවර. ඒක ගෘහ නිර්මාණ ශිල්පයේ අතිවිශිෂ්ඨ නිර්මාණයක් වුණා. පුළුල් මංමාවත්, පොදු උයන්, දේවස්ථාන, වගේම විශාල මන්දිරවලින් නිනිවය අලංකාරවත් වෙලා තිබුණා. ඒත් ශෙපනියා කියන අනාගතවක්තෘවරයා කලින්ම කිව්වා මේ අලංකාරවත් නගරය “දිය පොදක් නැති පාළුකරයක්” වෙනවා කියලා.—ශෙපනියා 2:13-15.

ක්‍රි.පූ. හත්වෙනි සියවසේදී බැබිලෝනිවරුන්ගෙනුත් මේදියවරුන්ගෙනුත් සෑදුණු හමුදාවක් නිනිවය විනාශ කළා. වාර්තාවකට අනුව ඒ විනාශයෙන් පස්සේ “අවුරුදු 2,500ක් විතර ඒ නගරය මිනිසුන්ගේ මතකයෙන් ගිලිහිලා තිබුණා.” ඒ වගේ නගරයක් තිබුණද කියලා යම් කාලෙකට මිනිසුන් සැක කළා. 19වෙනි සියවසේදී තමයි පුරාවිද්‍යාඥයන් නිනිවයේ නටබුන් හොයාගත්තේ. අදටත් ඒ නටබුන් දිරාපත් වෙමින් තියෙනවා. තවත් ඒවා සොරුන්ගේ ග්‍රහණයට හසු වෙලා. “මෙහෙම ගියොත් ඉතිරි නටබුන් ටිකත් පොළොවටම මියැදිලා යයි” කියලා ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කරන සංවිධානයක් කියනවා.—Global Heritage Fund.

ශෙපනියා ඒක කලින්ම කිව්වේ කොහොමද? ඒක ‘යෙහෝවා දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්’ කියලා ඔහුම කිව්වා.—ශෙපනියා 1:1.

ජීවිතයේ වැදගත්ම ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවා

බයිබලය කියවලා අවසාන කාලයේ වෙන දේවල් ගැන හිතන කෙනෙක්

ජීවිතේ වැදගත්ම ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් හොයාගන්න පුළුවන්. ඒවායින් කීපයක් බලමු.

ලෝකයේ මේ තරම් නරක දේවල් වෙන්නෙත් මිනිසුන් දුක් විඳින්නෙත් ඇයි?

පොළොවේ දුෂ්ටකම් තියෙන්නේ ඇයි කියලත් මිනිසුන් දුක් විඳින්නේ ඇයි කියලත් බයිබලයේ තියෙනවා. මේ ඒවාට උදාහරණ:

  1. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.

    මිනිස් පාලනයන් නිසා ඇති වෙලා තියෙන්නේ යුද්ධ, අපරාද සහ ආහාර හිඟකම්

    අසාර්ථක දූෂිත මිනිස් ආණ්ඩු නිසා මිනිසුන්ට හුඟක් දුක් විඳින්න වෙලා තියෙනවා.

  2. “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.”—දේශනාකාරයා 9:11.

    රෝහල් ඇදක ඉන්න කෙනෙක්

    ලෙඩ රෝග, අනතුරු, විපත් ඕනම කෙනෙකුට ඕනම තැනක ඕනම වෙලාවක වෙන්න පුළුවන්.

  3. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.”—රෝම 5:12.

    මුල්ම මිනිස් යුවළට පව්කාර ස්වභාවයවත් මරණයවත් උරුම වෙලා තිබුණේ නැහැ. ඒත් ඒ දෙන්නා හිතාමතාම නිර්මාතෘට අකීකරු වුණාට පස්සෙයි ‘මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් වුණේ.’

මිනිසුන් දුක් විඳින්නේ ඇයි කියලා විතරක් නෙවෙයි දෙවියන් ඒකට දෙන විසඳුමත් බයිබලයේ කියනවා. ළඟදීම දෙවියන් හැම නපුරක්ම අයින් කරනවා. ඔහු මේ පොරොන්දුවත් දීලා තියෙනවා. ‘මිනිසුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනවා. මරණයද තවත් නැහැ. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නැහැ.’—එළිදරව් 21:3, 4.

අපි මැරුණම මොකද වෙන්නේ?

කනත්තක දුක් වෙන පිරිසක්

මැරුණම කිසි දෙයක් දැනෙන්නේ නැහැ කියලත් සිහිය නැති තත්වයකට පත් වෙනවා කියලත් බයිබලයේ තියෙනවා. දේශනාකාරයා 9:5 කියන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියලයි. ‘ඔවුන්ගේ කල්පනාව නැති වෙනවා’ කියලත් බයිබලයේ කියනවා. (ගීතාවලිය 146:4) කෙනෙක් මැරුණම එයාගේ මොළයෙත් ශරීරයේ අනිත් අවයවවලත් ක්‍රියාකාරීත්වය නැති වෙනවා. එතකොට එයාට මුකුත් කරන්නවත් කල්පනා කරන්නවත් බැහැ. කිසි දෙයක් දැනෙන්නේවත් නැහැ.

මැරුණු කෙනෙක්ගේ තත්වය විස්තර කරනවා විතරක් නෙවෙයි, මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා කියලත් බයිබලයේ තියෙනවා.—හොෂෙයා 13:14; යොහන් 11:11-14.

අපි ඉපදුණේ ටික කාලෙකින් මැරිලා යන්නද?

බයිබලයේ කියන්නේ මුල් යුවළව නිර්මාණය කළේ යෙහෝවා දෙවියන් කියලයි. (උත්පත්ති 1:27) ඒ නිසයි පළවෙනි මිනිසා වුණු “ආදම්ගේ පියා දෙවිය” කියලා බයිබලයේ කියන්නේ. (ලූක් 3:38) මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ එයාලගේ පියා වුණු දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියාගෙන දරුවන් හදාගෙන සතුටින් හැමදාටම ජීවත් වෙන්න. ඒ නිසයි දෙවියන් ගැන තවත් දැනගන්න තියෙන අවශ්‍යතාවය මිනිසුන් තුළ තියෙන්නේ. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලා බයිබලයේ කියනවා.—මතෙව් 5:3.

“ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි” කියලා බයිබලයේ කියනවා. (ලූක් 11:28) දෙවියන් ගැන කියලා දෙනවා වගේම සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලත් බයිබලයේ කියනවා. අපිට ලස්සන බලාපොරොත්තුවකුත් දීලා තියෙනවා.

බයිබලයේ කර්තෘව හඳුනගන්න ඔයාටත් පුළුවන්

හැම සාක්ෂියක්ම හොයලා බැලුවට පස්සේ ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් තේරුම් අරන් තියෙනවා දෙවියන් මිනිසුන්ට ඔහුගේ අදහස් දැනුම් දීලා තියෙන්නේ බයිබලයෙන් කියලා. දෙවියන් බයිබලය මාර්ගයෙන් ඔයාටත් කතා කරනවා. දෙවියන්ව දැන හඳුනා ගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න දෙවියන් ඔයාටත් ආරාධනා කරනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා බයිබලයේ පොරොන්දු වෙනවා.—යාකොබ් 4:8.

සාමාන්‍යයෙන් පොතක් කියවද්දී ඒකේ කර්තෘ හිතන විදිහ තේරුම්ගන්න පුළුවන්. ඒ වගේ බයිබලය කියවද්දීත් ඒකේ කර්තෘ වන දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඔයාව නිර්මාණය කරපු දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න ඔයා ආස නැද්ද? ඒ විතරක් නෙවෙයි මේ දේවල් ගැනත් බයිබලයෙන් දැනගන්න පුළුවන්.

  • දෙවියන්ගේ නම, ඔහු මොන වගේ කෙනෙක්ද, ඔහුගේ පුදුමාකාර ගතිලක්ෂණ.

  • දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරන්න හේතුව.

  • දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න පුළුවන් විදිහ.

ඔයා ආසද ඒ දේවල් ගැන තව විස්තර දැනගන්න? ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආසාවෙන් ඉන්නවා. කිසිම අය කිරීමක් නැතුව ඔයා එක්ක බයිබලයේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න ඒ අය කැමතියි. එහෙම කළොත් බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවියන්ට ළං වෙන්න ඔයාට පුළුවන්.

බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක් කියන්න තියෙන සාක්ෂි අපි බැලුවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ පොතේ 2වෙනි පරිච්ඡේදයේ තව විස්තර තියෙනවා. www.pr418.com/si වෙබ් අඩවියෙත් ඒක තියෙනවා.

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙන ‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?’ වීඩියෝ එක බලන්නත් පුළුවන්.

ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 83:18.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න