ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 7 පාඩම 24 පි.-25 පි. 1 ¶
  • බාබෙල් කොත

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බාබෙල් කොත
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • මිනිස්සු ලොකු කොතක් ගොඩනඟයි
    මගේ බයිබල් කතන්දර පොත
  • භාෂාවන් බිහි වුණේ බාබෙල් නුවරින්ද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නෝවාගේ නැව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඔවුන් තමුන්ටම කීර්තිමත් නාමයක් ඇති කරගත්තේ නැහැ
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 7 පාඩම 24 පි.-25 පි. 1 ¶
යෙහෝවා මිනිස්සුන්ගේ භාෂා වෙනස් කරපු නිසා එයාලට බාබෙල් කොත හදන්න බැරි වුණා

7වෙනි පාඩම

බාබෙල් කොත

ජලගැල්මට පස්සේ නෝවාගේ පුත්තුන්ට ගොඩක් ළමයි හිටියා. එයාලාගේ පවුල් එන්න එන්න ලොකු වුණු නිසා යෙහෝවා කියපු විදිහටම එයාලා පොළොවේ එක එක තැන්වලට ගිහින් පදිංචි වුණා.

ඒත් සමහර අය යෙහෝවාට කීකරු වුණේ නැහැ. එයාලා මෙහෙම කතා වුණා. ‘අපි නුවරක් හදලා මෙතන ඉමු. ඒකේ අහස උසට කොතක් හදමු. එතකොට අපිට හුඟක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්.’ එයාලා හදන්න හැදුවේ උස ගොඩනැඟිල්ලක්.

ඒත් යෙහෝවා ඒ වැඩේට කැමති වුණේ නැහැ. ඔහු ඒක නවත්තන්න හිතුවා. දන්නවාද දෙවියන් කළේ මොනවාද කියලා? ඒ කාලේ මිනිස්සු හැමෝම කතා කළේ එක භාෂාවක්. ඒත් ඔහු ඒක වෙනස් කළා. ඒ නිසා එක එක අය එක එක භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා. එක් කෙනෙක් කියන දේ අනිත් කෙනාට තේරෙන්නේ නැති නිසා ගොඩනඟන වැඩ නතර වුණා. හැම දෙයක්ම “අවුල්“ වුණු නිසා ඒ නගරයට කිව්වේ බාබෙල් කියලයි. පස්සේ එයාලා පොළොව පුරාම එක එක පළාත්වලට ගිහින් පදිංචි වුණා. ගිය ගිය තැන්වලත් එයාලා කළේ නරක වැඩ. ඒත් යෙහෝවාට ආදරේ කරපු අයත් එයාලා අතරේ හිටියාද? ඒ ගැන ඊළඟ පාඩමෙන් බලමු.

“උසස් වෙන්න උත්සාහ කරන හැමෝවම පහත් කරයි. ඒත් නිහතමානීව වැඩ කරන හැම කෙනෙක්වම උසස් කරයි.”—ලූක් 18:14

ප්‍රශ්න: බාබෙල්වල හිටිය මිනිස්සු කළේ මොකක්ද? යෙහෝවා එයාලව නැවැත්තුවේ කොහොමද?

උත්පත්ති 11:1-9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න