ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 81 පාඩම 190 පි.-191 පි. 2 ¶
  • කන්ද උඩ දේශනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කන්ද උඩ දේශනය
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යේසුස්ව උතුම් ගුරුවරයා විදිහට හඳුන්වන්න හේතු
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • නොකඩවා අන් අයට යහපත කරන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ දෙවි ගැන ඉගෙනගන්න අවශ්‍යයි
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 81 පාඩම 190 පි.-191 පි. 2 ¶
යේසුස් කන්ද උඩ දේශනය දෙමින්

81වෙනි පාඩම

කන්ද උඩ දේශනය

නියෝජිතයන් 12දෙනාව තෝරගත්තාට පස්සේ යේසුස් කන්දෙන් පල්ලෙහාට ආවා. එතන ලොකු සෙනඟක් රැස් වෙලා හිටියා. එයාලා ඇවිත් හිටියේ ගලීලය, යුදය, තීර්, සීදොන්, සිරියාව කියන පළාත්වලින් සහ යොර්දාන් ගඟට එහා පැත්තෙන් තිබුණ පළාතෙන්. අසනීපෙන් ඉන්න අයවත් භූතයන් වැහුණු අයවත් එයාලා අරන් ආවා. යේසුස් ඒ හැමෝවම සුව කළා. ඊටපස්සේ දෙවියන්ගේ යාළුවන් වෙන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා ඔහු එයාලට පැහැදිලි කළා. අපේ ජීවිතේ රඳා පවතින්නේ දෙවියන් මත කියලා තේරුම් අරන් ඔහුට ආදරේ කරන්න ඕනෙ කියලත් අනිත් අයට ආදරේ නැත්නම් අපිට දෙවියන්ට ආදරේ කරන්න බැහැ කියලත් සතුරන්ට කරුණාවෙන් සලකන්න ඕනෙ කියලත් ඔහු ඉගැන්නුවා.

යේසුස් මෙහෙම කිව්වා. ‘සතුරන්ටත් ආදරේ කරන්න. වැරදිවලට හදවතින්ම සමාව දෙන්න. ඔයා එක්ක තරහෙන් ඉන්න අයගෙන් සමාව ඉල්ලන්න. අනිත් අය ඔයාට කරනවාට කැමති දේම ඒ අයටත් කරන්න.’

යේසුස් කන්ද උඩ දේශනය දෙමින්

යේසුස් මෙහෙමත් ඉගැන්නුවා. ‘හුඟක් සල්ලි හම්බ කරනවාට වඩා වටින්නේ යෙහෝවාගේ යාළුවෙක් වෙන එකයි. මොකද කෙනෙක්ට පුළුවන් ඔයාගේ සල්ලි හොරකම් කරන්න. හැබැයි දෙවියන් එක්ක තියෙන යාළුකම ඔයාගෙන් හොරකම් කරන්න කාටවත් බැහැ. කන බොන දේවල් ගැනවත් අඳින පලඳින දේවල් ගැනවත් කරදර වෙන්න එපා. කුරුල්ලන් දිහා බලන්න. දෙවියන් උන්ට කෑම දෙනවා. ඔයා කරදර වුණා කියලා දවසක්වත් වැඩිපුර ජීවත් වෙන්න බැහැ. ඔයාට ඕනෙ දේ යෙහෝවා දන්නවා කියලා මතක තියාගන්න.’

යේසුස් උගන්වපු විදිහ ගැන මිනිස්සු පුදුම වුණා. එයාලාගේ ආගමික නායකයන් එයාලට ඒ දේවල් ගැන උගන්වලා තිබුණේ නැහැ. දක්ෂ විදිහට උගන්වන්න යේසුස්ට පුළුවන් වුණේ යෙහෝවා යේසුස්ට උගන්වලා තිබුණු නිසයි.

“මම හරිම කරුණාවන්ත, යටහත්පහත් කෙනෙක්. ඒ නිසා මම ඔයාලා පිට තියන වියගහ පිළි අරන් මගෙන් ඉගෙනගන්න. එතකොට ඔයාලට ලොකු සහනයක් ලැබෙයි.”—මතෙව් 11:29

ප්‍රශ්න: යෙහෝවාගේ යාළුවෙක් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ? යෙහෝවා කැමති ඔයා අනිත් අයට කොහොම සලකනවාටද?

මතෙව් 4:24–5:48; 6:19-34; 7:28, 29; ලූක් 6:17-31

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න