ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 10/1 15 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවාගේ දවසින්’ බේරී ජීවත් වෙන්න යන්නේ කවුද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ හමුදාව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ආත්ම-පරිත්‍යාගිත්වයේ සහ පක්ෂපාතිත්වයේ ආදර්ශයක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 10/1 15 පි.

ඔබ දැන සිටියාද?

ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලම විනාශ වීමට කලින් එහි සිටි ක්‍රිස්තියානීන් පලා ගිය බවට සාක්ෂි තිබෙනවාද?

 යෙරුසලම විනාශ කරන්න පැමිණි රෝම හමුදාව

‘සේනාවන් ඇවිත් යෙරුසලම වටා කඳවුරු බැඳගෙන සිටින ආකාරය ඔබ දකින විට යෙරුසලමේ විනාශය ළඟා වී ඇති බව ඔබ දැනගත යුතුයි. යුදයේ සිටින අය කඳුවලට පලා යා යුතුයි. යෙරුසලම තුළ සිටින අය නුවරින් ඉවත් විය යුතුයි.’ (ලූක් 21:20, 21) යේසුස් එම අනතුරු ඇඟවීම දුන්නේ යෙරුසලමට පැමිණීමට නියමිතව තිබූ විනාශය සම්බන්ධයෙනුයි. ඔහුගේ අනුගාමිකයන් ඊට කීකරු වූ බවට සාක්ෂි තිබෙනවාද?

යේසුස් මිය ගොස් දශක කිහිපයකට පසුව ඔහු පැවසූ දෙය ඉටු වුණා. යුදෙව් අන්තවාදීන්ගේ කැරැල්ලක් මර්දනය කිරීමට සෙස්ටියස් ගැලස් යුදයට පැමිණියා. එය ඉටු වූ බව එවකට සිටි යුදෙව් ඉතිහාසඥයෙකු වූ ජොසීෆස් සනාථ කරනවා. රෝම හමුදාව යෙරුසලම වට කර එය විනාශ කර දැමීමට ආසන්නව සිටියදී නොසිතූ ලෙස සෙස්ටියස් නිකුත් කළ අණ පරිදි ඔහුගේ හමුදාව නැවත රෝමයට හැරී ගියා. එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් යුදයේ සිටි ක්‍රිස්තියානීන් කඳුකර පලාතක් වූ පෙලාවලට පලා ගිය බව ඉතිහාසඥයෙක් වූ යූසීබියස් පැවසුවා.

ඉන් වසර කිහිපයකට පසුව එනම් ක්‍රි.ව. 70දී ජෙනරාල් ටයිටස් යටතේ සිටි රෝම හමුදාව නැවතත් යෙරුසලම වැටලුවා. ඒ වතාවේදී ඔවුන් යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ නිසා එහි සිටි සියදහස් ගණනකගේ ජීවිත විනාශ වුණා.

‘අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වා තිබෙන්නේ කාවද?

සාමුවෙල්, එලියා සහ එලිෂා ගැන බයිබලයේ සඳහන් බොහෝ වාර්තාවල ‘අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්’ ගැන සඳහන් වෙනවා. උදාහරණයකට යේහුව රජ ලෙස “අභිෂේක” කිරීමට “එලිෂා අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෙකුව” යැව්වා.—2 රාජාවලිය 9:1-4.

අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන් ලෙස හඳුන්වන්නේ යම් පුහුණුවක් ලැබූ අයව මිසක් අනාගතවක්තෘවරුන්ගේ දරුවන්ව නොවෙයි කියා විශාරදයන් පවසනවා. එක් පොතක මෙසේ සඳහන් වුණා. “අනාගතවක්තෘවරුන් යටතේ සිටිමින් යෙහෝවා දෙවිට සේවය කළ නිසා අනාගතවක්තෘවරුන් ඔවුන්ව සැලකුවේ තමන්ගේම පුත්‍රයන් ලෙසයි.” (2 රාජාවලිය 2:12) යේහුව අභිෂේක කිරීමට යැවූ එලිෂාගේ නියෝජිතයාව “අනාගතවක්තෘවරයාගේ සේවකයා” ලෙසත් හඳුන්වා තිබීමෙන් එය තවත් තහවුරු වෙනවා.—2 රාජාවලිය 9:4; එම පොත Journal of Biblical Literature.

‘අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්’ සරල ජීවිතයක් ගත කළා. එලිෂාගේ කාලයේ සිටි එවැනි පිරිසක් ඔවුන්ටම කියා නවාතැනක් සාදාගෙන තිබෙන්නේ වෙන කෙනෙකුගෙන් ඉල්ලාගත් පොරොවක් භාවිත කරමින් ඔවුන්ම කපාගත් ගස්වලිනුයි. (2 රාජාවලිය 6:1-5) ඔවුන්ගෙන් සමහරුන් විවාහ වී සිටියා. (2 රාජාවලිය 4:1) ඒ කාලවලදී සිටි දෙවිගේ සේවකයන් අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ව බොහෝ සෙයින් අගය කළ අතර ඔවුන්ට ආහාර පවා දී තිබෙනවා.—2 රාජාවලිය 4:38, 42.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න