ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 5 පාඩම 18 පි.-19 පි. 5 ¶
  • නෝවාගේ නැව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නෝවාගේ නැව
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • නෝවා විශාල නැවක් හදයි
    මගේ බයිබල් කතන්දර පොත
  • මහා ජලගැල්මේදී දිවි ගලවාගත්තේ කවුද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • ඔහු “සැබෑ දෙවි සමඟ ගමන් කළේය”
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 5 පාඩම 18 පි.-19 පි. 5 ¶
නෝවයි පවුලේ අයයි නැව හදමින්

5වෙනි පාඩම

නෝවාගේ නැව

කාලයක් යද්දී පොළොවේ හුඟක් මිනිස්සු හිටියා. වැඩියෙන්ම හිටියේ නරක අය. ස්වර්ගයේ හිටිය සමහර දේවදූතයනුත් නරක දේවල් කරන්න පටන්ගත්තා. ඒ අය මිනිස්සු වගේ පොළොවට ඇවිත් ගැහැනු අයව විවාහ කරගත්තා.

එයාලට දරුවන් ලැබුණා. අනිත් මිනිස්සුන්ට වඩා ලොකු ශක්තියක් ඒ දරුවන්ට තිබුණා. ඒ අය අනිත් මිනිස්සුන්ට කරදර කරන්න පටන්ගත්තා. යෙහෝවා ඒකට කැමති වුණේ නැහැ. ඒ නිසා ජලගැල්මක් ගෙනල්ලා නරක මිනිස්සුන්ව විනාශ කරනවා කියලා ඔහු හිතුවා.

නෝවයි පවුලේ අයයි නැව හදමින් සහ කෑම ගබඩා කරමින්

හැබැයි හොඳ කෙනෙකුත් පොළොවේ හිටියා. එයාගේ නම නෝවා. එයාටයි එයාගේ බිරිඳටයි පුත්තු තුන්දෙනෙක් හිටියා. ඒ තමයි ෂෙම්, හාම්, යාෆෙත්. එයාලත් විවාහ වෙලයි හිටියේ. නෝවාගේ පවුලේ අයව ජලගැල්මෙන් බේරගන්න ඕන නිසා යෙහෝවා නෝවාට කිව්වා ලොකු පෙට්ටියක් වගේ නැවක් හදන්න කියලා. හුඟක් සත්තුන්ව නැවට දාගන්න කියලත් ඔහු කිව්වා.

නෝවාත් එයාගේ පවුලේ අයත් ඉක්මනටම නැව හදන්න පටන්ගත්තා. ඒක හදන්න එයාලට අවුරුදු 50ක් විතර ගියා. එයාලා ඒ නැව හැදුවේ යෙහෝවා කියපු විදිහටමයි. ජලගැල්මක් එන්න යනවා කියලා නෝවා අනිත් අයටත් කිව්වා. ඒත් කවුරුත් ඒක ඇහුවේ නැහැ.

අන්තිමේදී නෝවාට නැව ඇතුළට යන්න කාලේ ආවා. මොකද වුණේ කියලා අපි බලමු.

“මනුෂ්‍ය පුත්‍රයා ආයෙත් පැමිණෙන කාලයේ සිද්ධ වෙන දේවල් නෝවාගේ කාලයේ වුණ දේවල්වලට සමානයි.”—මතෙව් 24:37

ප්‍රශ්න: ජලගැල්මක් ගේන්න ඕනෙ කියලා යෙහෝවා හිතුවේ ඇයි? යෙහෝවා නෝවාට කිව්වේ මොනවාද?

උත්පත්ති 6:1-22; මතෙව් 24:37-41; 2 පේතෘස් 2:5; යූද් 6

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න