ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 3/1 12 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අතීතයෙන් බිඳක්—මිලමුදල්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාවුල් ස්වාමීන් සඳහා තෝරාගන්නා ලද භාජනයක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇය අනිත් සියලුදෙනාටම වඩා දැම්මා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවිගේ නාමය එදා සහ අද
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 3/1 12 පි.

ඔබ දැන සිටියාද?

වැන්දඹුව පරිත්‍යාග කළ කාසි දෙකේ වටිනාකම කොපමණද?

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ සිටියුදෙව්වන්ට වාර්ෂිකව ‘ඩ්‍රැක්මා දෙකක’ දේවමාලිගා බද්දක් ගෙවීමට සිදු වුණා. එය දින දෙකක් පමණ වැඩ කිරීමෙන් ලැබෙන කුලියට සමානයි. (මතෙව් 17:24) නමුත් ඊටත් වඩා “සුළු මුදලකට” ගේ කුරුල්ලන් දෙදෙනෙකුව විකුණන බවයි යේසුස් පැවසුවේ. එම මුදල කෙනෙක් විනාඩි 45ක් වැඩ කිරීමෙන් ලැබෙන කුලියට සමාන වුණා. විනාඩි 90ක් පමණ වැඩ කර එම මුදල මෙන් දෙගුණයක් උපයාගත්තා නම්, ඉන් ගේ කුරුල්ලන් පස්දෙනෙකුවම ගත හැකි වුණා.—මතෙව් 10:29; ලූක් 12:6.

දුප්පත් වැන්දඹුව දේවමාලිගාවේදී දැමූ මුදල ගේ කුරුල්ලන් පස්දෙනෙකුව මිල දී ගැනීමට තරම්වත් ප්‍රමාණවත් වුණේ නැහැ. ඇය දැමූ ලෙප්ටා කාසි දෙක එවකට ඊශ්‍රායෙලයේ භාවිත කෙරුණු කුඩාම තඹ කාසි වර්ගයයි. කෙනෙක් දවසකට පැය 12ක් වැඩ කිරීමෙන් ලබන මුදල හා සසඳද්දී කාසි දෙකේ වටිනාකම සමාන වුණේ විනාඩි 12කටත් වඩා අඩු කාලයක් වැඩ කිරීමෙන් ලබන මුදලටයි. ඇත්තෙන්ම එය දවසේ කුලියෙන් 1/64 තරම් සුළු මුදලක්.

වාර්තාවේ සඳහන් වන ආකාරයට ඒ වැන්දඹුව සතුව තිබුණේ “කුඩා කාසි දෙකක්” පමණයි. ඇයට එක කාසියක් තබාගෙන අනික පරිත්‍යාග කරන්න අවස්ථාව තිබුණා. නමුත් ඇය “තමන් සතුව තිබුණු සියල්ල, එනම් ජීවිතය ගෙන යෑමට තිබුණු සියල්ල” දැමුවා. එනිසයි යේසුස් “තමන්ට වැඩිපුර තිබුණු” දෙයින් දැමූ අයට වඩා ඒ දිලිඳු වැන්දඹුවව අගය කළේ.—මාක් 12:41-44; ලූක් 21:2-4.

සාවුල්ව පාවුල් ලෙස හැඳින්වූයේ කවදා සිටද?

පාවුල් උපත ලැබුවේ හෙබ්‍රෙව් ජාතිකයෙක් ලෙසයි. ඔහුට රෝම පුරවැසිභාවයත් තිබුණා. (ක්‍රියා 22:27, 28; ෆිලිප්පි 3:5) ඒ නිසා කුඩා අවදියේ පටන් ඔහුට සාවුල් යන හෙබ්‍රෙව් නමත් පාවුල් යන රෝම නමත් තිබෙන්න ඇති. පාවුල්ගේ සමහර නෑයන්ටත් රෝම නමක් මෙන්ම ග්‍රීක නමකුත් තිබුණා. (රෝම 16:7, 21) ඒ කාලයේ සිටි යුදෙව්වන්ට, නම් දෙකක් තිබීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ඊශ්‍රායෙලයෙන් පිට ජීවත් වූ යුදෙව්වන්ට, නම් දෙකක් තිබුණා.—ක්‍රියා 12:12; 13:1.

පාවුල් ක්‍රිස්තියානියෙක් වී දශකයක් පමණ ගත වෙන තෙක්ම අන් අය ඔහුව දැනගෙන සිටියේ සාවුල් යන නමිනුයි. (ක්‍රියා 13:1, 2) කොහොමවුණත් ක්‍රිස්තු වර්ෂ 47/48 පමණ කාලයේදී යුදෙව් ජාතිකයන් නොවූ අයට ශුභාරංචිය දේශනා කරන්න ඔහුට ලැබුණු පැවරුමේදී පාවුල් යන නාමයෙන් තමාව හැඳින්වීම වඩා උචිතයි කියා ඔහු සිතන්න ඇති. (ක්‍රියා 9:15; 13:9; ගලාති 2:7, 8) සාවුල් යන ඔහුගේ හෙබ්‍රෙව් නාමය ග්‍රීක භාෂාවෙන් උච්චාරණය කරද්දී ඉන් හොඳ හැඟීමක් ඇති නොවූ නිසාත් ඔහු පාවුල් යන නාමය භාවිත කරන්න ඇති. ඔහුව පාවුල් යන නමින් හැඳින්වීමට හේතුව කුමක් වුණත් ඔහු පෙන්නුම් කළේ “ටිකදෙනෙකු වුවද ගලවාගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට [ඔහු] සියල්ල” වෙන්න කැමැත්තෙන් සිටි බවයි.—1 කොරින්ති 9:22.

[12වන පිටුවේ පින්තූරය]

ලෙප්ටා කාසියේ නියම ප්‍රමාණය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න