ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 8/1 8-10 පි.
  • ළඟදීම සිදු වන ආශ්චර්යයන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ළඟදීම සිදු වන ආශ්චර්යයන්
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සියලුම ආබාධ නැති කර දමන අයුරු
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “එකම සැබෑ දෙවි” පොරොන්දු වන්නේ මෙයයි
    2005 පිබිදෙව්!
  • යේසුස් කරපු ආශ්චර්යයන්වල සැඟවුණු පාඩම්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 8/1 8-10 පි.

ළඟදීම සිදු වන ආශ්චර්යයන්

ඔබට බරපතළ සැත්කමක් කරන්න තිබෙන බව වෛද්‍යවරයෙක් ඔබට පවසනවා කියා සිතන්න. එම සැත්කම කිරීමට ඔබ තෝරාගත් වෛද්‍යවරයා එතරම් අද්දැකීම් නැති කෙනෙක් කියා දැනගන්න ලැබුණොත් ඔබට කොහොම හැඟෙයිද? ඔබ ඒ සඳහා අද්දැකීම් ලත් වෙනත් සුදුසු වෛද්‍යවරයෙකු තෝරාගන්නා බවට සැකයක් නැහැ. නමුත් ඔබ මුලින්ම තෝරාගත් වෛද්‍යවරයා ඉතා දක්ෂ, අද්දැකීම් ලත් කෙනෙක් කියා ඔබට දැනගන්න ලැබුණොත් ඔබේ සැත්කමත් ඔහු සාර්ථකව කරයි කියා ඔබ තුළ මහත් විශ්වාසයක් ඇති වන බව නිසැකයි.

බරපතළ අසනීප සහ සියලුම දුෂ්ටකම්වලට නිමාවක් ගෙනෙන බවට මුළු විශ්වයේම නිර්මාතෘ වන යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙනවා. ඒ කාලයේදී ධර්මිෂ්ඨ පාලනයක් යටතේ සියලුදෙනාම සාමයෙන් හා සතුටින් ජීවත් වන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (2 පේතෘස් 3:13; ගීතාවලිය 37:9-11; හිතෝපදේශ 2:21, 22) මිනිසුන්ව දුකට පත් කරන කිසිම දෙයක් ඒ කාලයේදී සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එවැනි දෙයක් සිදු වීමට නම් යම් ආශ්චර්යයක් සිදු විය යුතුයි කියා ඔබ සිතයි.—එළිදරව් 21:4, 5.

ඒ වෙනස්කම් අනිවාර්යයෙන්ම සිද්ධ වන බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. ඊට හේතුව යෙහෝවා දෙවි පුරාණයේදී සිදු කළ බොහෝ ආශ්චර්යයන් ගැන ඔවුන් හොඳින් අධ්‍යයනය කර තිබීමයි. ඒ නිසා දෙවි පොරොන්දු වී තිබෙන දේවල් අනිවාර්යයෙන්ම ඉටු කිරීමට ඔහුට හැකියාව තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා.

අනාගතය සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන පොරොන්දු දිගටම සොයා බලන්න කියා ඔබට ආරාධනා කරන්න කැමතියි. අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ජීවත් වීමට එය ඔබට උපකාරවත් වන බවට සැකයක් නැහැ.

[9, 10වන පිටුවල පින්තූර⁄කොටුව]

ආශ්චර්යය:

රොටි සහ මසුන් සුළු ප්‍රමාණයකින් දහස් ගණනකට කෑම දීම.—මතෙව් 14:13-21; මාක් 8:1-9; යොහන් 6:1-14.

පොරොන්දුව:

“අප් දෙවි අපට ආශීර්වාද කරන්නේය. එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6.

බලාපොරොත්තුව:

කිසිම කෙනෙක් කුසගින්නේ සිටින්නේ නැහැ.

ආශ්චර්යය:

යේසුස් අන්ධ අයට පෙනීම ලබා දුන්නා.—මතෙව් 9:27-31; මාක් 8:22-26.

පොරොන්දුව:

“අන්ධ අයගේ ඇස් පැහැදෙන්නේය.”—යෙසායා 35:5.

බලාපොරොත්තුව:

අන්ධව සිටින සියලුදෙනාට පෙනීම ලැබෙනවා.

ආශ්චර්යය:

යේසුස් ආබාධිත අයව සුව කළා.—මතෙව් 11:5, 6; යොහන් 5:3-9.

පොරොන්දුව:

“කොර අය මුවෙකු මෙන් පැන යන්නෝය.”—යෙසායා 35:6.

බලාපොරොත්තුව:

ආබාධිත අයට සුවය ලැබෙනවා.

ආශ්චර්යය:

සියලු ආකාරයේ රෝගීන්ව යේසුස් සුව කළා.—මාක් 1:32-34; ලූක් 4:40.

පොරොන්දුව:

“කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

බලාපොරොත්තුව:

කිසිම කෙනෙක් අසනීප වෙන්නේ නැහැ. සෑම කෙනෙක්ම නිරෝගී ජීවිතයක් ගත කරනවා.

ආශ්චර්යය:

යේසුස් කුණාටු මැඩපැවැත්වුවා.—මතෙව් 8:23-27; ලූක් 8:22-25.

පොරොන්දුව:

‘ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන්ගේ වෙහෙස මහන්සිය කිසිවිටෙක අපතේ යන්නේ නැත.’—යෙසායා 65:21, 23

“ඔබ හිංසා පීඩා අද්දකින්නේ නැත. ඔබ කිසිම දෙයකට භය වන්නේවත් තැතිගන්නේවත් නැත.”—යෙසායා 54:14.

බලාපොරොත්තුව:

ස්වාභාවික විපත්වලින් බැට කන්නේ නැහැ.

ආශ්චර්යය:

මිය ගිය අයට යේසුස් නැවත ජීවිතය දුන්නා.—මතෙව් 9:18-26; ලූක් 7:11-17.

පොරොන්දුව:

‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම නැවත නැඟිටිනවා.’—යොහන් 5:28, 29.

“මුහුද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය. මරණය සහ මිනී වළද එහි මිය ගොස් සිටි අයව භාර දුන්නේය.”—එළිදරව් 20:13.

බලාපොරොත්තුව:

මිය ගිය අපේ හිතවතුන්ව නැවත දැකගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න