ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 9 පාඩම 20-21 පි.
  • යෙරෙමියා දිගටම දෙවි ගැන කතා කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරෙමියා දිගටම දෙවි ගැන කතා කළා
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • යෙරෙමියා දිගටම දේශනා කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘ඔබ පැවසිය යුතු දේ මම ඔබට දැන්වූවෙමි’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • “මට මේ විපත ගැන ප්‍රකාශ නොකර සිටිය නොහැක”
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
  • මා පවසන දේ ‘ඔබ සෙනඟට කියන්න’
    යෙරෙමියා තුළින් දෙවි අපට කතා කරයි
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 9 පාඩම 20-21 පි.

9වෙනි පාඩම

යෙරෙමියා දිගටම දෙවි ගැන කතා කළා

කේන්තියෙන් ඉන්න මිනිස්සු යෙරෙමියාව වට කරගෙන

මිනිස්සු යෙරෙමියා එක්ක තරහෙන් ඉන්නේ ඇයි?

යෙරෙමියාව මඩ වළෙන් එළියට ගන්නවා

යෙරෙමියාගේ ජීවිතේ බේරුණේ යෙහෝවා දෙවි නිසයි

අපි යෙහෝවා දෙවි ගැන කතා කරනකොට සමහර අය අපිට විහිළු කරනවා. තවත් අය අපිට බණිනවා. ඒ නිසා දෙවි ගැන කතා කරන එක නවත්තන්න අපිට හිතෙන්න පුළුවන්. ඔයාටත් එහෙම හිතිලා තියෙනවද?— යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කළත් දෙවි ගැන කතා කරන එක නවත්තන්න හිතුණු කෙනෙක් ගැන බයිබලයේ තියෙනවා. ඒ තමයි යෙරෙමියා.

යෙරෙමියා තරුණ කාලෙදී යෙහෝවා දෙවි එයාට දෙයක් කරන්න කිව්වා. ඒ තමයි නරක දේවල් කරන එක නවත්තන්න කියලා මිනිසුන්ට කියන එක. ඒක ලේසි දෙයක් නෙමෙයි. එයා හුඟක් බය වෙලා දෙවිට කිව්වා ‘මං තාම තරුණයි. අනික මොනවද කතා කරන්න ඕනෙ කියලා මං දන්නෙත් නැහැ’ කියලා. එතකොට දෙවි මෙහෙම කිව්වා ‘බය වෙන්න එපා. මං ඔයාත් එක්ක ඉන්නවා.’

යෙරෙමියා මිනිස්සු ළඟට ගිහින් දෙවි කියපු දේ කිව්වා. යෙරෙමියා කියපු දේ මිනිස්සු ඇහැව්වා කියලා ඔයා හිතනවද?— නැහැ, මිනිස්සු එයාට විහිළු කළා. එයාට බැන්නා. සමහර අය එයාව මරන්නත් හැදුවා. ඔයා හිතන්නේ ඒ වෙලාවේ එයාට මොනවා හිතෙන්න ඇද්ද?— එයා බය වුණා. යෙරෙමියා කිව්වා ‘මං නං ආයෙත් යෙහෝවා දෙවි ගැන කතා කරන්නේ නැහැ’ කියලා. එයා ඇත්තටම එහෙම කළාද?— නැහැ. එයා යෙහෝවා දෙවිට ගොඩක් ආදරේ කරපු නිසා එයාට දෙවි ගැන කතා කරන්නේ නැතුව ඉන්න බැරි වුණා. ඒ නිසා දෙවි එයාව ආරක්ෂා කළා.

දවසක් නපුරු මිනිස්සු ටිකක් යෙරෙමියාව මඩ තිබුණු ගැඹුරු ළිඳකට දැම්මා. කන්න බොන්න නැතුව යෙරෙමියා මැරෙයි කියලයි ඒ අය හිතුවේ. ඒත් යෙහෝවා දෙවි එයාව බේරගත්තා.

යෙරෙමියාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?— සමහර වෙලාවට බය හිතුණත් යෙහෝවා දෙවි ගැන කතා කරන එක එයා නැවැත්තුවේ නැහැ. ඔයාත් දෙවි ගැන කතා කරද්දී සමහර අය ඔයාට විහිළු කරයි, බණියි. ඒ වෙලාවට ඔයාට ලැජ්ජා හිතෙයි. බය හිතෙයි. ඒත් දෙවි ගැන කතා කරන එක කවදාවත් නවත්තන්න එපා. මොකද යෙරෙමියාට උදව් කළා වගේ යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔයාටත් උදව් කරනවා.

බයිබලයෙන් කියවන්න

  • යෙරෙමියා 1:4-8; 20:7-9; 26:8-19, 24; 38:6-13

ප්‍රශ්න:

  • යෙහෝවා දෙවි යෙරෙමියාට කරන්න කිව්වේ මොකක්ද?

  • දෙවි ගැන කතා කරන එක නතර කරන්න ඕනෙ කියලා යෙරෙමියාට හිතුණේ ඇයි?

  • යෙහෝවා දෙවි යෙරෙමියාට උදව් කළේ කොහොමද?

  • යෙරෙමියාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න