ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 10 පාඩම 30 පි.
  • ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ලොත්ගේ භාර්යාව හැරිලා බලයි
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගනියි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • ප්‍රශ්න දරාගන්න අනිත් අයට උදව් කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 10 පාඩම 30 පි.
ලොත් සහ දුවලා දෙන්නා බේරුණත් එයාගේ බිරිඳ ලුණු කණුවක් වුණා

10වෙනි පාඩම

ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්

ආබ්‍රහම්ගේ නෑදෑයෙක් වුණු ලොත් ජීවත් වුණෙත් ආබ්‍රහම් එක්ක කානාන්වලමයි. ඒ දෙන්නාටම හුඟක් සත්තු හිටිය නිසා ප්‍රදේශයේ ඉඩ මදි වුණා. ඒ නිසා ආබ්‍රහම් ලොත්ට මෙහෙම කිව්වා. ‘අපිට දිගටම එක තැනක ඉන්න බැහැ. ඔයා පැත්තක් තෝරගෙන යන්න. මම අනිත් පැත්තට යන්නම්.’ ආබ්‍රහම් ඒ වෙලාවේ හිතුවේ එයා ගැන නෙවෙයි ලොත් ගැනයි.

සොදොම් නගරය ළඟ තිබුණු ලස්සන දේශයක් ලොත් දැක්කා. ඇති තරම් වතුර, තණකොළ තිබුණු ඒ දේශය තෝරගෙන එයාලා එහේ පදිංචි වුණා.

සොදොම් නගරයෙත් ඒ ළඟම තිබුණු ගොමෝරා නගරයෙත් හිටියේ හුඟක් නරක මිනිස්සු. ඒ නිසා ඒ නගර දෙක විනාශ කරන්න යෙහෝවා තීරණය කළා. ඒත් ඔහුට ඕන වුණා ලොත්වයි එයාගේ පවුලේ අයවයි බේරගන්න. ඒ නිසා ඔහු දේවදූතයන් දෙන්නෙක්ව යවලා ලොත්ට මෙහෙම කිව්වා. ‘යෙහෝවා මේ නගරේ විනාශ කරන්නයි යන්නේ. ඉක්මන් කරලා මෙහෙන් යන්න!’

ලොත් ඉක්මනට යන්නේ නැතුව පරක්කු වුණා. ඒ නිසා දේවදූතයන් එයාගෙයි එයාගේ බිරිඳගෙයි දුවලා දෙන්නාගෙයි අතෙන් ඇදගෙන නගරෙන් එළියට ඇවිත් මෙහෙම කිව්වා. ‘ජීවිතේ බේරගන්න ඉක්මන් කරලා දුවලා යන්න. පිටිපස්ස බලන්න එපා. එහෙම කළොත් ඔයාලා මැරෙයි.’

සොදොම්, ගොමෝරා නගරවලට ගිනි සහ ගෙන්දගම් වැටෙනවා

එයාලා ෂොවර් කියන නගරෙට ආවාම යෙහෝවා අහසෙන් ගින්දරයි ගෙන්දගමුයි එවලා සොදොම්, ගොමෝරා නගර දෙක විනාශ කළා. ඒ වෙලාවේ ලොත්ගේ බිරිඳ පිටිපස්ස හැරිලා බැලුව නිසා එයා ලුණු කණුවක් වුණා. ඒත් දෙවියන්ට කීකරු වුණු නිසා ලොත්ටයි එයාගේ දුවලා දෙන්නාටයි මුකුත් වුණේ නැහැ. ලොත්ගේ බිරිඳ අකීකරු වුණු නිසා ඒ තුන්දෙනාට ලොකු දුකක් දැනෙන්න ඇති. යෙහෝවා කියන දේ අහන එක කොච්චර වටිනවාද කියලා අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන්.

“ලොත්ගේ බිරිඳට වෙච්ච දේ අමතක කරන්න එපා.”—ලූක් 17:32

ප්‍රශ්න: යෙහෝවා සොදොම්, ගොමෝරා නගර දෙක විනාශ කළේ ඇයි? ලොත්ගේ බිරිඳ ලුණු කණුවක් වුණේ ඇයි?

උත්පත්ති 13:1-13; 19:1-26; ලූක් 17:28, 29, 32; 2 පේතෘස් 2:6-9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න