අවුරුදු 100ක් පුරා රාජ්‍යය වෙනුවෙන් කළ සේවය
1. අවුරුදු 100කට විතර ඉස්සර දෙවිගේ සෙනඟට දිරිගැන්නුවේ මොනවා කරන්නද?
1 “යේසුස් රජ ලෙස පාලනය කරනවා. ඔබ ඔහුගේ නියෝජිතයෝ. ඒ නිසා රජු හා ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න!” සහෝදර රදෆර්ඩ් එහෙම කිව්වේ දැනට අවුරුදු 100කට විතර ඉස්සර. ලෝකේ අස්සක් මුල්ලක් නෑර රාජ්‍යය ගැන පණිවිඩය කියන්න කියලා එදා ඔහු දිරිගැන්නුවා. ඒ කියපු විදිහටම මුල් සියවසේ ක්‍රිස්තියානීන් වගේ අපිත් “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයාට” රාජ්‍යය ගැන දේශනා කරලා තියෙනවා. (කොලො. 1:23) පහුගිය අවුරුදු 100 දිහා හැරිලා බලද්දී රාජ්‍යය ගැන මිනිසුන්ට කියන්න අපි කරලා තියෙන්නේ මොනවාද? රාජ්‍යය පිහිටුවලා අවුරුදු 100 පිරෙන්න තව වැඩි කාලයක් නැහැ. ඉන් ඉස්සරහට මොනවාද අපිට කරන්න පුළුවන්?
2. දේවරාජ්‍යය ගැන ප්‍රකාශ කරන්න අපේ සඟරා දායක වෙලා තියෙන්නේ කොහොමද?
2 හැරිලා බලමු: රාජ්‍යය ගැන මිනිසුන්ට දන්වන්න අපේ සඟරා ලොකු සේවයක් කරලා තියෙනවා. 1939 ඉඳලා අපේ ප්‍රධාන සඟරාව වන ‘මුරටැඹ’ සඟරාවේ තේමාව වුණේ “යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි” කියලයි. මේ සඟරාවෙන් දේවරාජ්‍යය ගැනත් දේවරාජ්‍යයෙන් කරන දේවල් ගැනත් නිතර නිතර මිනිසුන්ව දැනුවත් කරනවා. ‘පිබිදෙව්!’ සඟරාවෙනුත් මිනිසුන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම දේවරාජ්‍යය කියලා පෙන්නලා දෙනවා. අද වෙනකොට මේ සඟරා දෙක ලෝකේ වැඩියෙන්ම පරිවර්තනය කරලා බෙදාහරින සඟරා බවට පත් වෙලා තියෙනවා.—එළි. 14:6.
3. පණිවිඩය බෙදාහරින්න පාවිච්චි කරලා තියෙන ක්‍රම මොනවාද?
3 රාජ්‍යය ගැන පණිවිඩය මිනිසුන් අතරට ගෙනියන්න විවිධ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. මුල් කාලයේදී ශබ්දවිකාශන සවි කළ වාහන, ගුවන් විදුලි සේවාවන්, එහා මෙහා ගෙනියන්න පුළුවන් තැටි වාදන යන්ත්‍ර වගේ දේවල් යොදාගත්තා. ඒ කාලයේ හිටියේ ටිකදෙනෙක් වුණත් පණිවිඩය පතුරුවන්න ඒ ක්‍රම හුඟක් උදව් වුණා. (ගීතා. 19:4) මෑත කාලයේදී jw.org වෙබ් අඩවිය මාර්ගයෙන් මිලියන ගාණකට පණිවිඩය දැනුම් දීලා තියෙනවා. අපේ සේවය තහනම් කරලා තියෙන රටවලට පවා පණිවිඩය ඒ මාර්ගයෙන් යනවා.
4. පාවිච්චි කරලා තියෙන තවත් විශේෂ ක්‍රම මොනවාද?
4 මෑත කාලයේදී තවත් විශේෂ ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. උදාහරණයකට 1990 ගණන්වල මැද භාගයේ ඉඳන් ගෙයින් ගෙට සේවයට අමතරව මිනිසුන්ව හමු වෙන්න උද්‍යානවල, රථගාල්වල සහ ව්‍යාපාරික ස්ථානවල සාක්ෂි දරන්න පටන්ගත්තා. ළඟකදී ඉඳන් ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන, විශාල නගරවල සාක්ෂි දැරීමත් සභා මට්ටමින් සංවිධානය කරන, මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමත් පටන්ගත්තා. මේ විදිහට සාක්ෂි දරද්දී මේස හා ජංගම පුවරු යොදාගෙන පොත් පත් ප්‍රදර්ශනය කරනවා. කොහොමවුණත් රාජ්‍යය ගැන පණිවිඩය මිනිසුන්ට ගෙනියන ප්‍රධාන ක්‍රමය ගෙයින් ගෙට සේවයයි.—ක්‍රියා 20:20.
5. අලුත් සේවා වසරේදී අපි හුඟදෙනෙක්ට කරන්න පුළුවන් මොනවාද?
5 ඉදිරියේදී: අලුත් සේවා වසර අරඹන සැප්තැම්බර් මාසයේ හුඟදෙනෙක් ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගන්නවා. ස්ථාවර පුරෝගාමියෙක් වෙන්න ඔබත් කැමතිද? එහෙම නැත්නම් විටින් විට සහායක පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද? පුරෝගාමි සේවය කරන්න බැරි වුණත් උපරිමයෙන් රාජ්‍යය ගැන දේශනා කරන්න ඔබ දරන කැප කිරීම්වලට දෙවි ආශීර්වාද කරන බව නිසැකයි.—මලා. 3:10.
6. 2014 ඔක්තෝබර් විශේෂ මාසයක් වෙන්නේ ඇයි?
6 2014 ඔක්තෝබර් මාසයේදී දේවරාජ්‍යය පිහිටුවලා අවුරුදු 100 පිරෙනවා. ඒ මාසයේ ‘මුරටැඹ’ පොදු කලාපයේ විශේෂයෙන්ම කතා කරන්නේ දේවරාජ්‍යය ගැනයි. ඒ සඟරාව හැමෝම අතට පත් කරන්න කියලා ඔබව දිරිගන්වන්න කැමතියි. අපි නවත්වන්නේ නැතුව ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරමු.’—ක්‍රියා 8:12.