ඉන්දුනීසියාව
දේශපාලනික අරගල හා ආගමික මතගැටුම්වලට මුහුණ දුන්නත් අවුරුදු 25ක් පුරා තහනමකට ලක් වුණත් ඉන්දුනීසියාවේ සහෝදර සහෝදරියන් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න ඒ දේවල් බාධාවක් කරගත්තේ නැහැ. මරණයට නියම වූ සහෝදරයෙක් ගැන, පාතාල කල්ලි නායකයෙක් සාක්ෂිකරුවෙක් වුණ විදිහ ගැන, බිහිරි යාළුවෝ දෙන්නෙක් එක කුස උපන් සහෝදරියන් කියලා දැනගත්ත විදිහ ගැන හා ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වෙන මේ රටේ අපේ සහෝදර සහෝදරියන් ශුභාරංචිය දේශනා කරන විදිහ ගැන කියවලා බලන්න. ඔවුන්ගේ අද්දැකීම් කියවීමෙන් ඔබත් දිරිමත් වෙනවාට කිසිම සැකයක් නැහැ.