ජෝර්ජියාව
මුහුන් පිළිබඳව යේසුස් කිව්ව උපමාව ජෝර්ජියාවේ රාජ්‍යයේ පණිවිඩය පැතිරුණ විදිහට හොඳින්ම ගැළපෙනවා. (මතෙ. 13:33) මුහුන් ටිකක් පිටි පිඩකට දැම්මාම ඒක පිපෙන්න කාලයක් යනවා. ඒ වගේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ජෝර්ජියාව පුරා පැතිරිලා වර්ධනයක් දකින්න කාලයක් ගියා.
ජෝර්ජියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘හොඳ වාතාවරණයක් තිබුණත් නැතත්’ රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න හුඟක් මහන්සි වුණා. එයාලාට දෙවි ගැන තියෙන ආදරය, විශ්වාසවන්තකම, ළැදිකම සහ එයාලාගේ නිර්භීතකම ගැන සඳහන් වාර්තා කියවලා බලන එක අපිට ලොකු දිරිගැන්වීමක් වෙනවා කියලා නම් නිසැකයි.—2 තිමෝ. 4:2.