ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb14 78-81 පි.
  • සියරා ලියොන් සහ ගිනියාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියරා ලියොන් සහ ගිනියාව
  • 2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb14 78-81 පි.

සියරා ලියොන් සහ ගිනියාව

මීට අවුරුදු 500කට විතර ඉහතදී සියරා ලියොන් ගඟේ මෝයකට අසළ පුංචි පුළුන් පැළයක් දළුලන්න පටන්ගත්තා. අවුරුදු 300ක් පුරා මේ පුංචි පැළය සද්දන්ත ගසක් දක්වා වැඩුණා. ඒ කාලය පුරාම සිත් පිත් නැති කෲර මිනිසුන් ඒ රටේ පුරුෂයන්ව, ස්ත්‍රීන්ව සහ දරුවන්ව වහලුන් ලෙස වෙනත් රටවලට විකුණද්දී මේ ගස නිසොල්මනේ බලා සිටියා.

ෆ්‍රීටවුන් නගරයේ ඓතිහාසික පුළුන් ගස

කාලයකට පසු නිදහස ලැබූ වහලුන් 1792 මාර්තු 11වෙනිදා නැවත මේ පුළුන් ගහ යටට එකතු වුණේ ඔවුන්ගේ නිදහස සමරන්නයි. එතැන් පටන් ෆ්‍රීටවුන් ලෙස හඳුන්වන විශාල නගරය ඔවුන්ගේ නවාතැන වුණා. අප්‍රිකානු ගෝත්‍ර 100කට වඩා අයිති එම ජනයා තම නිදහසේ සංකේතය ලෙස සැලකුවේ පුළුන් ගසයි.

නමුත් මීට වඩා විශිෂ්ට ආකාරයේ නිදහසක් එනම් “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක්” ගැන සියරා ලියොන්හි සිටින සාක්ෂිකරුවන් අවුරුදු 100කට ආසන්න කාලයක් පුරා තම අසල්වැසියන්ට කියා දෙමින් සිටිනවා. (රෝම 8:21) ඒ දෙවිගේ රාජ්‍යය තුළදී පාපයේ සහ මරණයේ වහල්කමින් ලැබෙන නිදහසයි.—යෙසා. 9:6, 7; 11:6-9.

අවුරුදු 50ක් පුරා සියරා ලියොන්හි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය එහි අසල්වැසි රටක් වන ගිනියාවේත් දේශනා සේවය සම්බන්ධ වැඩකටයුතු සංවිධානය කරමින් සිටිනවා. කාලයක් පුරා ගිනියාවේ පවතින දේශපාලන හා සමාජීය හැලපැප්පීම් නිසා පීඩාවට පත්ව සිටි ජනයා, බයිබලයේ ඇති සැනසිලිදායක පණිවිඩය අසන්න ලැබුණාම එය පිළිගත්තේ මහත් උනන්දුවකින්.

සියරා ලියොන් සහ ගිනියාවේ සිටින සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරන්නේ දිළිඳුකම, වාර්ගික ගැටුම්, මුල් බැසගත් චාරිත්‍ර වාරිත්‍ර සහ නූගත්කම වැනි නොයෙකුත් බාධක මැද්දේයි. ඔවුන්ගේ නොසැලෙන විශ්වාසය ගැන තොරතුරු බිඳක් දැන් අපි කියවා බලමු. ඔවුන්ගේ කතාව “බලාපොරොත්තුවක් දෙන දෙවි” ගැන ඔබට ඇති විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න උදව් වෙයි කියා අපිට විශ්වාසයි.—රෝම 15:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න